රනිල්-සජිත් එක්වේ.. SJBට ගිය අයගේ UNP තහනම ඉවතට..



සැප්තැම්බර් 6 වන සෙනසුරාදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ වාර්ෂික සම්මේලනයට විපක්ෂ නායකයින්ට ආරාධනා කර ඇති බව හිටපු ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ යයි වාර්තා සන්ඩේ ටයිම්ස් කරයි.

අත්අඩංගුවට ගැනීම, රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ පසුව ඇප මත නිදහස් වීමෙන් පසු රෝහල් ගතව සිට සිය නිවසට පැමිණි වික්‍රමසිංහ මහතා, ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට අදහස් දක්වමින් කියා සිටියේ, ‘විපක්ෂයේ එකමුතුව’ සඳහා පළමු පියවර ලෙස, පක්ෂයෙන් වෙන්ව ගොස් සමගි ජන බලවේගය (සජබ) පිහිටුවා ගත් සියලුම සාමාජිකයින්ට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කරන බවයි. මෙම පියවරෙන් පසු ඔවුන්ට නැවත පක්ෂ සාමාජිකත්වය ලබා ගත හැකි වනු ඇත.

මන්නාරම් තෙල් ගොඩගන්න සූදානම්…



තෙල් කැණීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ තිබූ අත්තනෝමතික තත්ත්වය වෙනස් කොට, අලුතින් එම කටයුතු ප්‍රවර්ධනය කිරීමටත්, එම කටයුතුවලදී සිදු වී ඇති දූෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය කිරීමටත් රජය තීරණය කර තිබේ.

ගෝටා CID කැදවයි..



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ ගාලු මුවදොර අරගලයේ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයන් පාලනයට කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සම්බන්ධයෙනි.

පාසල් දරුවන් අතර විද්‍යුත් දුම් පානයය ඉහළට.. ෂොට් එකක් රැපියල් විස්සේ සිට..



මෙරට ප්‍රධාන පෙළේ පාසල් සිසුන් අතර විද්‍යුත් දුම් පානය (E-cigarette) ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින බව සෞඛ්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මෙම තත්ත්වය, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි බලධාරීන්ගේ ක්ෂණික අවධානය යොමු විය යුතු ගැටලුවක් බව ඔහු අවධාරණය කරයි.

Clean Srilanka වැව් රක්ෂිත හා සීමා ලකුණු කරන්න බහී…



Clean Sri Lanka යටතේ මෙම වසර තුළදී වැව් 23ක රක්ෂිත හා සීමා මායිම් වෙන්කොට නිරවුල් කිරීමට තීරණය කර තිබෙන අතර, ඒ අනුව උතුරු මැද පළාත් වැව් වල රක්ෂිත සිමා ලකුණු කිරීම අනුරාධපුර නුවරවැවෙන් ආරම්භ විය.

ගෝටාට-මෛත‍්‍රිට පොදු දේපල චෝදනා..



හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ විසින් පොදු දේපොළ අවභාවිත කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට දූෂණයට සහ වංචාවට එරෙහි සිවිල් සංවිධාන කිහිපයක් සූදානම් වේ.

ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට..



වැල්ලවාය පොලිසිය විසින් ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඔහු වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

හිතවත් ව්‍යාපාරිකයන් ළූණු ටොන් 18,000ක් අර්තාපල් ටොන් 23,000ක් ගෙන්නලා..



අර්තාපල් සහ ළූණු සඳහා බද්ද පනවන බවට වූ තොරතුර එම බද්ද පැනවීමට පෙර තමන්ට කීකරු ව්‍යාපාරිකයන්ට රජය විසින් ලබා දී ඇතැයි සමගි ජන බලවේග දූෂණ විරෝධී බලවේගයේ කැඳවුම්කරු, හිටපු පළාත් සභා මන්ත්‍රි නිරෝෂන් පාදුක්ක කොළඹ සජබ කාර්යාලයේදී පැවසීය.

ලංවිම ප‍්‍රතිව්‍යුහගතකරණයෙන් රට පුරා විදුලිය බිද වැටේවි..



කඩිනම් සහ අවුල් සහගත, සැලැස්මකින් තොරව විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) විසින් ආණ්ඩුවට චෝදනා කරයි.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් රට පුරා විදුලි විසන්ධි වීම් ඇතිවීමට, විශාල වශයෙන් සේවකයන් ඉවත්ව යාමට සහ සමස්ත ක්ෂේත්‍රයම අස්ථාවර වීමට ඉඩ ඇති බවට සංගමය අනතුරු අඟවා තිබේ.

හිටපු ජනාධිපතිලා පෝලිමේ… හිටපු ඇමතිලාටත් නඩු ගොඩක්..



හිටපු රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි මත ඒ හා සමාන දුර්වලතා පිළිබඳව ද විමර්ශනය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

විජේපාල මහතා පැවසුවේ, නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වන බවත්, පැමිණිලි ලැබුණහොත් වෙනත් කිසිදු හිටපු ජනාධිපතිවරයෙකුට ද ව්‍යතිරේකයක් නොලැබෙන බවත් ය.

රනිල් යලි පාර්ලිමේන්තුවට.. සිලින්ඩර මන්ත‍්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි..



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනාගෙන් එක් අයෙකු ඉල්ලා අස්වනු ඇති බවද හෙතෙම පැවසීය.

‘රනිල් බලන්න රෝහලට ගියාද..’ අගමැතිනිගේ ප‍්‍රකාශයක් ගන්නැයි CIDයට අධිකරණයෙන් නියෝගයක්..



අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගෙන් සහ ඇයගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

ඒ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහා අගමැතිනිය එම රෝහලට ගිය බවට පළවූ සමාජ මාධ්‍ය පුවත පිළිබඳව සිදුකරන විමර්ශන වලට අදාළවයි.

රනිල් ඇප මත ගෙදර යන්නත් පෙර තවත් ලොකු ලෙඩක් වැටේ..



ජනාධිපතිවරණයට සමීපව සිදු වූ ස්මාර්ට් බෝඩ් මිලදී ගැනීමක් ගැන අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් විනිවිදභාවයක් නොමැති බවත්, එහි ගැටලු රැසක් ඇති බවත් පෙන්වා දෙයි.

මෙම ගනුදෙනුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ එවකට තාක්ෂණ අමාත්‍යාංශය (දැනට ඩිජිටල් අමාත්‍යාංශය) ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු පාතාලයන් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට…



සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස හඳුනාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් සහ නිලංග ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මෙරට පොලිස් නිලධාරීන් එරටදී සිදු කරන ලද මෙහෙයුමකදීය.

රනිල්ට කඩිනම් හෘද සැත්කමක්..



කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෘද සැත්කමක් අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

මෙම සැත්කම කඩිනමින් සිදුකිරීම වඩාත් සුදුසු බවත් ඔහු පෙන්වා දුන්නේය.

වෛද්‍ය බෙල්ලන මහතාට අනුව, රනිල් වික්‍රමසිංහ මහතාට මෙම සැත්කම රජයේ රෝහලකදී කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවේ.

ජනාධිපති හා කැබිනට් මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි නිකුත් කෙරේ…



ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශ්ව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හා සෙසු වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝ: 27) පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේ ය.

රනිල්ගේ වගන්ති යටතේම අනුරටත් චෝදනා.. දැනට මුක්තිය ඇතත් ධුරයෙන් ගියාම නඩු..



පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ චෝදනාම වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට ද එල්ල වන බවයි.

සිය සමාජ මාධ්‍ය ගිණුමක වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

ගම්මන්පිල මහතා පෙන්වා දෙන පරිදි, ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය දා සිදු කළ ජර්මානු සංචාරය මහජන මුදල් අවභාවිතයක් බවට පැහැදිලි සාක්ෂි පවතී. ජර්මනියේ බලයලත් තනතුර ජර්මානු චාන්සලර්වරයා වන නමුත්, ජනාධිපතිවරයා ඔහු හමු වී නොමැති බවත්, තීන්දු ගැනීමේ බලතල නොමැති ජර්මානු ජනාධිපතිවරයා හමු වීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවත් හෙතෙම සඳහන් කරයි.

ලසන්ත ඝාතනයේ විමර්ෂණ අවසන්.. ලිපිගොනු නීතිපතිට..



මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සහ කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන අවසන් කර ඇති බව පාර්ලිමේන්තුව අමතමින් මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.

අදාළ විමර්ශන ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත්, ඒ අනුව වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රනිල් රිමාන්ඩ් කිරීම ගැන එක්සත් ජාතීන්ට පැමිණිලි..



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ මයන්ත දිසානායක මහත්වරුන් (23) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට පැමිණිල්ලක් භාර දුන්නේය.

වත්මන් රජය විසින් දේශපාලන මර්දනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, එය සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

රනිල්ගේ වකුගඩු අවුලක්.. ක‍්‍රියැටිනීන් ඉහලට.. සෝඩියම් පහලට.. පැය 24ක් වෛද්‍ය අධීක්‍ෂණට යටත් කරයි..



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහල වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රදීප් විජේසිංහ මහතා පැහැදිලි කරයි.

එ් අනුව වික්‍රමසිංහ මහතා අඩු සෝඩියම් මට්ටමකින්, ඉහළ ක්‍රියේටිනින් මට්ටමකින් සහ අධි රුධිර පීඩනයකින් පෙළෙන බව හෙළි වී තිබේ.

මෙම තත්ත්වයන් බන්ධනාගාර රෝහල මගින් සිදු කරන ලද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, වැඩිදුර විශේෂිත පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් නොමැති නිසා ජාතික රෝහලට මාරු කිරීමට සිදු වී ඇත.

ඉන්ධන මිල අඩු කලොත් අනෙක් සමාගම්වලට ගෙවන්න වෙනවා..



හිටපු රජය විසින් අත්සන් කරන ලද ගිවිසුම් හේතුවෙන් ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය, කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප‍්‍රබල ඇමතිගේ නඩුව අහන්න සිටි විනිසුරු මාරු කරලා..



පාර්ලිමේන්තුවේ ඉදිරිපෙල වාඩිවී සිටින ප්‍රබල අමාත්‍යවරයෙකුගේ නඩුවක් ඇසීමට නියමිතව සිටු අධිකරණ විනිසුරන් මාරු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රජයේ වී කොටන්න පොලොන්නරුවේ මහ මෝල් හිමියෙකුට…



රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද වී තොග සහල් බවට පත්කර සතොස අලෙවි සැල් හරහා ජනතාවට අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

ඒ අනුව රට පුරා පිහිටි සතොසා අලෙවි සැල් හරහා ‘ජාතික සතොස’ ලෙස සන්නාමගත කරන ලද එම සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයනට අවස්ථාව සලසා ඇත.

ශ‍්‍රී ලංකා ඇගළුම්වලට එන වසරේ සිට බ‍්‍රිතාන්‍යයෙන් 100%ක පූර්ණ බදු සහනයක්..



බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති වෙළෙඳ සහන සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් පුවත්පත් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම වෙළෙඳ සහන 2026 වසරේ මුල් භාගයේ සිට බලපැවැත්වෙනු ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳාම සඳහා වන එක්සත් රාජධානියේ යෝජනා ක්‍රමය (DCTS) යටතේ, ශ්‍රී ලංකාව Enhanced Preference රටක් ලෙස ප්‍රතිලාභ ලබයි.

සෙවණගල පැල්වත්ත කර්මාන්ත කොටස් සංචාරක වැඩපිලිවෙලකට පුද්ගලික ආයෝජන කැදනවයි…



රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය විසින් සිදු කළ ශක්‍යතා අධ්‍යයනයක නිර්දේශ මත පදනම්ව හරිත සංචරණය (Eco Tourism), කෘෂි සංවරණය (Agro Tourism), සුවතා සංචරණය (Wellness Tourism) සහ සංරක්ෂණය පදනම් කර ගත් සංචරණය (Conservation based Tourism) වැඩි දියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ තෝරාගත් ස්ථාන 04ක් සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ලෙස සංවර්ධනය කිරීම පිණිස හඳුනා ගනු ලැබ ඇත.

හිටපු ඇමතිලා තුනකට කෑම ලෑස්තියි..



පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින්, හිටපු අමාත්‍යවරුන් තිදෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ, 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතට අනුව ය.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව, මෙම විමර්ශනය හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, අනුර ප්‍රියදර්ශන යාපා, සහ රෝහිත අබේගුණවර්ධන වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරේ.

‘මහින්ද රාජපක්‍ෂ වගේ නායකයො ආයෙ බිහිවෙන්නෑ.. මේ මොන ***…’ ඩඩ්ලි අන්තිම චචනය ගිලගනී..



මහින්ද රාජපක්ෂ වැනි ශක්තියක් බලයක් ඇති නායකයන් නැවත මෙරට බිහි නොවන බව පොළොන්නරුවේ ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

අභාවප‍්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ ඔහු මෙසේ සඳහන් කළේය.

ලොවෙත් නෑ කිවුව චිචිගේ රොකට්ටුව තියෙන තැන එක්සත් ජාතීන් (UN) පෙන්වයි..



පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

අහසේ පවතින වස්තූන්ගෙන් අපල එන බවට ජවිපෙ නායකයින් විශ්වාස නොකලත් අද චිචී රොකට්ටුව නමින් රටම දන්නා සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ආණ්ඩුවට බරපතල මාරකයක් ගෙනැවිත් ඇති බව පැහැදිලියි. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා පසුගිය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කලේ සුප්‍රීම් සැට් නමින් චන්ද්‍රිකාවක් ගුවන් ගත කර නෑ කියලා. එතුමා ඒකට මූලාශ්‍රය ලෙස කිව්වේ චන්ද්‍රිකා පිලිබඳ කටයුතු කරන එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනය ලෙස එතුමා හැඳින්වූ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය නැතිනම් අයිටියූ එක. මුලින්ම කියන්න ඕනි අයිටියූ කියන්නේ චන්ද්‍රිකා සම්බන්ධ එක්සත් ජාතින්ගේ නියෝජිත ආයතනය නොවේ. ඒක ආණ්ඩුවේ තවත් පචයක්. ඒක ප්‍රධාන වශයෙන් කරන්නේ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් සැකසීමට අමතරව විශ්වීය සංඛ්‍යාත බෙදා හැරීම සහ නියාමනයයි.

චීනයෙන් ඩොලර් බිලියන බාගයක ණයක් ඉල්ලයි..



දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ (CEP 1) පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් චීන යුවාන් (RMB)වලින් ඩොලර් මිලියන 500කට සමාන මුදලක් ණයට ගැනීමට සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් ඩොලර් මිලියන 438ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.

මෙම තීරණයට අනුව, RMB ආදායමක් නොමැති ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමට සිදුවන්නේ සිය එක්සත් ජනපද ඩොලර් සංචිත පරිවර්තනය කිරීමෙනි. එසේම, මෙම ණය සඳහා මුල් ගිවිසුම සංශෝධනය කිරීම ද අවශ්‍ය වන අතර, ඒ සඳහා ද කැබිනට් අනුමැතිය පතා ඇත. ඩොලර්වලින් RMB වෙත මුදල් ඒකකය වෙනස් කිරීම චීන EXIM බැංකුවේ ඉල්ලීමකි.

රතන හිමි වරෙන්තුකරුවෙක් ලෙස නම් කරයි.. දුටු තැන අල්ලන නියෝගයක්..



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුනේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මතයි.

2020 වසරේ අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලියකියවිලිවලට අත්සන් ගෙන, පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විමර්ශනයක් ආරම්භ කර ඇත.

අයවැයෙන් දුන් මුදලින් වැඩ කරලා මදි..- ජනපති



තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යලයේදී (15) පෙරවරුවේ පැවැත්විණි.

ඖෂධ වර්ග හත්දහසක් මිල පාලනයෙන් ගිලිහේ…



මෙරට පෞද්ගලික ඔසුහල් වලින් ලබා දෙන විවිධ වෙළෙන්න නාමයන්ගෙන් යුත් ඖෂධ හත්දහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයෙන් මිල නියාමනයට යටත්ව ඇත්තේ ඖෂධ වෙළඳ නාම හත්සීයකට ආසන්න ප්‍රමාණයක් බැවින් බාහිරින් ඖෂධ මිලදීගන්නා රෝගීන් එම ඖෂධවල මිල දරාගත නොහැකිව දැඩි ලෙස අසරණතාවට පත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

ලොවම බලා සිටි ට‍්‍රම්ප්-පුටින් හමුව පැවැත්වේ.. සාකාච්චා එකගතාවක් නෑ…



ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡාවක් ඇලස්කාවේ, ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

මෙම හමුව සඳහා මූලික අරමුණ වූයේ රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි.

සාකච්ඡාව අවසන් වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේ, සාකච්ඡා ඵලදායී වූ නමුත් පැහැදිලි එකඟතාවකට එළඹීමට නොහැකි වූ බවයි.

නිධන් කඩා රිමාන්ඩ් වුන කාන්තාවගේ නියෝජ්‍ය පොලිස්පති සැමියා මෙන්න…



පොලිස් නිලධාරීන් ද අපරාධ සඳහා සම්බන්ධ වන බවත් පොලිස් දෙපාර්තමේන්තුව මුලින්ම ප්‍රතිසංවිධානය කළ යුතු බවත් වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා පැය කිහිපයක් ගතවන විට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳක් ඇතුළු අටදෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේදී නිදන් හෑරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ලොහාන් රත්වත්තේ අභාවප‍්‍රාප්ත වේ…



හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇත.

අක්මාව සම්බන්ධ ශල්‍යකර්මයකට ඔහු මෑතකී ලක් විය. මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.

ලොහාන් රත්වත්තේ මහතා දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් විය. ඔහු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම, කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළේය.

කොළඹ DIG බිරිද නිධානයක් කඩද්දී අල්ලයි..



අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ පිහිටි දේවාලයක් ආසන්නයේ නිදන් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සූදු ප‍්‍රමිතිගත කරයි…



රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විදේශ ගතවීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.08.12 දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම පනත් කෙටුම්පත සලකා බලා අනුමතිය ලබාදෙන ලදී.

හොකී අවසන් තරගය යුද පිටියක් වේ..



මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ හොකී අවසන් මහා තරගය අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් තරගය නතර කිරීමට සිදුව තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාල හොකී පිටියේදී විද්‍යාර්ථ විද්‍යාලය සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති මෙම තරගයේදී, ශාන්ත තෝමස් කණ්ඩායමේ ක්‍රීඩකයන් විද්‍යාර්ථ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පහරදීමක් සිදුව ඇති බව වාර්තා වේ.

විල්පත්තුවේ ඉල්මනයිට් ජාවාරම පසුපස චාමර සම්පත්…



අරුවක්කාඩු ඉල්මනයිට් සේදීමේ ස්ථානය නීත්‍යනුකූල අවසරය පවා නොමැතිව පවත්වා ගෙන ගොස් ඇත්තේ හිටපු චාමර සම්පත් දසනායක ඇමතිවරයාගේ සෘජු මැදිහත් වීමෙන් බවට තහවුරු වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායක ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා එම භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් පැවසීය.

විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ පුරා විද්‍යා අධිසංවේදී පරිසර කලාපයක පිහිටා ඇති මෙම ඉල්මනයිට් සේදීමේ ස්ථානය කිසිදු බියකින් තොරව මෙතරම් හානිදායක ලෙස පවත්වාගෙන යාම සිදුව ඇත්තේ දේශපාලකයන් තම හිතුමතයට කටයුතු කිරීමෙන් නිසා රාජ්‍ය නිලධාරීන්ට පවා මෙවැනි ව්‍යාපෘති පිළිබඳව නිසි තීරණ ගැනීමේ වාතාවරණයක් තිබී නැති බවත් ඔහු පැවසීය.

ඇමතිවරයා මෙසේ පැවසීය.

‘අපි මෙම ස්ථානයට සම්බන්ධ වන්නේ කර්මාන්තඅමාත්‍යාංශය යටතේ තිබෙන සිමෙන්ති සංස්ථාවට අයිති භූමියක් වීම හේතුවෙන්, දැනට සීමෙන්ති නිෂ්පාදනය කරන ඉන්සි සිමෙන්ති සමාගම් සිමෙන්ති නිෂ්පාදනයට හුණුගල් ලබා ගැනීමට පෙර තිබෙන පස් තට්ටුව තුළ තමා මෙම ඉල්මනයිට් සාන්ද්‍රණය යොදා ගනිමින් මෙම ස්ථානයෙහි ඉල්මනයිට් සේදීම කර තිබෙන්නේ.

මෙම ඉල්මනයිට් සැකසීමේ කර්මාන්තය සඳහා සිමෙන්ති සංස්ථාවෙන් ඉඩම් ලබා ගැනීමේදී කැබිනට් අනුමිතියක් නැතුව නීතිපතිගෙන් අනුමතකරගන්නේ නැතුව තනි කැමැත්තට බොලර් 50,000ක් ලබා දීමෙන් නියමු ව්‍යාපෘතියක් විදිහට කර තිබෙන්නේ.

නමුත් නියමු ව්‍යාපෘතියක් අවුරුදු 30 ක කාලයට කරන්න පුළුවන් තමක් නැහැ. අපි මෙම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් පසු අනාවරණය කර ගත්තා, මධ්‍යම පරිසර අධිකාරිය,භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය, පුරා විද්‍යා අංශවල අවසරයක් නැතිව මෙම කටයුතු කර තිබෙනවා. තමන්ට මේ සඳහා අනුමැතිය ලැබනවා යැයි පූර්ව නිගමනයකින්.

මෙම කටයුත්ත පිටුපස හිටපු ඇමති චාමර සම්පත් හිටියා කියන එක තහවුරු වී තිබෙනවා. ඇමතිවරයාගේ බලය යොදා ගනිමින් මෙම ආයතනය මෙම කටයුතු කර ඇති බවට තහවුරු වී තිබෙනවා.

මෙය විල්පත්තුව ජාතික වන උද්‍යානය ආසන්නයෙහි තිබුණත් එය ආරක්ෂා වන ලෙස කටයුතු කර නැහැ.

ඉල්මනයිට් ඛනිජ නීත්‍යනුකුල රාමුව තුළ ලබා ගැනීමට හැකි නම් සියලු පාර්සරික නීතිවලට අවනත වෙමින් එය කරන්න අපි මැදිහත් වෙනවා. ලෝකය මේ වන විට ප්‍රග්ධනය උපයා ගන්නේ විවිධ ඛනිජ වලින්. ඒ නිසා මේ සමීපත නිසි ලෙස කැණීමේ හැකියාව පවතිනවාද යන්න අපි සොයා බලනවා. ඛනිජ සම්පත් භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකසා එම ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන්න අපි සුදානම්.

පසුගිය කාලයෙහි සිදුවූ ලෙස දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් මෙවැනි පරිසර පද්ධති වනසා දමින්නට අපි ඉදිරියෙහිදී ඉඩ දෙන්නේ නැහැ.

වැටලීම් කළ වලාන කණ්ඩායමට මෙන්ම මෙය හෙළි කළ මාධ්‍යයට ස්තුතියි කරනාවා රාජ්‍ය ආයතන මේ පිළිබදව කටයුතු ඇති ආකාරය අපි සොයා බලමින් සිටිනවා”

පුද්ගලික ජැටිවලට වාසි වෙන්න නැගෙනහිර ජැටියේ ගේට්ටු වෙනස් කරයි.




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පිවිසුම් සහ ගේට්ටු පද්ධතිය වෙනස් කිරීම තුළින් රුපියල් කෝටි 5කට අධික රජයේ මුදල් නාස්තියක් සිදුවිය හැකි බවට වරාය වෘත්තීය සමිති නායක ශ්‍යාමල් සුමනරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

වාහන රැසක් රේගුවෙන් රදවාගනී.. මිල ඉහලට.. රැදවුම් ගාස්තු චීනයට…



ආනයනය කරන ලද වාහන 1,000කට ආසන්න සංඛ්‍යාවක් රේගුව විසින් රදවාගෙන ඇතැයි වාහන ආනයනකරුවන් කියති.

මෙම තත්ත්වයට හේතුව ලෙස දැක්වෙන්නේ, තෙවැනි පාර්ශ්ව රටකදී ණයවර ලිපි (Letter of Credit) විවෘත කිරීම මඟින් ආනයන කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට රේගුව චෝදනා කිරීමයි.

රෝහිත රාජපක්‍ෂගේ අධ්‍යාපන සුදුසුකම් ජාත්‍යන්තරය පිළිගත් ඒවායි..



Supreme SAT 01 චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමේ සිදුවීමට අදාළව Supreme SAT සමාගම විසින් නිකුත් කළ තවත් මාධ්‍ය නිවේදනයක් පිළිබඳ අන්තර්ජාල නාලිකාවක් මගින් කරුණු හෙළිකර තිබේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ‍අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහනකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අදාළ සමාගමට සම්බන්ධ විධායක නිලධාරියෙකු විසින් පිටු 6 කින් යුත එම නිවේදනය එවා ඇති බව ඒහි පැවසීය.

කතරගම බස්නායක නිලමේ ගෙදර යයි..



දේවාලයේ පුද පඬුරු උපයෝගී කරගෙන පූජා කටයුතු කළේ ඒ මගින් නැවත බස්නායක නිලමේ ඡන්දයට ඉදිර්පත් වීමේ අපේක්ෂාවෙන් නොවන බවත් දෙවියන්ට පින් ලබාදීමට බවත් ප්‍රජා සංවර්ධන කටයුතු පෙන්වා දේශපාලනයට ඇවිත් පව් පුරවා ගන්න තරම් තමා බොළඳ නොවන බවත් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.

අලුත් පොලිස්පති රටේම පොලිස් ප‍්‍රශ්ණ ඇගිලි තුඩට ගනී..



ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරතුරුවම මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා කැපවීමෙන් යුතුව තම රාජකාරී ඉටු කරනු ලබයි.

මෙහිදී මහජනතාවගේ අවශ්‍යතාවයන්ට මුල්තැන දෙමින් ඔවුන්ගේ පුද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් අපරාධ හා ඔවුන්ට මුහුණ පෑමට සිදු වන විවිධ ගැටලුකාරී අවස්ථා වලදී සෘජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමේ අවශ්‍යතාවයක් ඇති බවට නිරීක්ෂණය වී ඇත.

ගංජා වවන්න අනුමැතිය දුන්නේ ගිය ආණ්ඩුවෙන්.. අපි නොවේ…



රජයේ දැඩි නියාමනයකට යටත්ව අපනයනය සඳහා කංසා වගා කිරීමට ආයෝජකයින්ට අවසර ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි.

“මේ සඳහා අනුමැතිය ලබාදෙන්නේ 2024 අප්‍රේල් මාසයේදී, එවකට දේශීය වෛද්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කළ සිසිර ජයකොඩි අමාත්‍යවරයාගේ කාලයේදී. මේ සඳහා වන රෙගුලාසි සකස් කරලා තියෙනවා. ඒ අනුව ආයෝජන මණ්ඩලය සම්බන්ධ කරගෙන මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න පුළුවන්. නමුත් පහුගිය කාලයේදී මෙවැනි ආයෝජකයින් 7 දෙනෙක් පැමිණියත් මේ සඳහා වෙච්ච ක්‍රමවේදයේ තිබුණු අඩුපාඩුකම් නිසා කාලයක් ගතවෙලා තිබුණා.

ගිය රජයන්වල ප්‍රබලයන්ගේ අයථා වත්කම් අනුන්ගේ නම්වලින්.. විමර්ෂණ අර්බුදයක…



පසුගිය රජයන් සමයේ සිටි ප්‍රබල දේශපාලනඥයන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් බහුතරයක් අයථා ආකාරයට උපයාගත් මුදල් සහ දේපළ වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් මිලදී ගැනීම සහ බැංකුවල තැන්පත් කිරීම නිසා ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන කිරීම බරපතළ ගැටලුවක් වී ඇති බව අයථා දේපළ විමර්ශන ඒකකයේ ආරංචි මාර්ග පවසයි.

මාලිමා කොටසක් සමග සජබ ආණ්ඩුවක්..?



ආර්ථික අර්බුදයෙන් රට මුදා ගත්තේ තමන් බවට වර්තමාන ආණ්ඩුව තවත් විශාල බොරුවක් සමාජගත කරමින් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසයි.

“වැඩබලන පොලිස්පතිවරයා ආණ්ඩුවේ ඇමැතිවරයෙකුගේ භුමිකාව රඟදක්වන්න උත්සහ දරනවා. රටේ සිදුවන අපරාධ සඳහා වගකිව යුත්තේ රටේ සිටි මැති ඇමැතිවරු බව වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් රටේ සිදුවන අපරාධ මඩින්න පොලිස්පතිවරයා කටයුතු කළ යුතුයි. රටේ අපරාද මඩින්න පොලිසිය මෙහෙයවිය යුත්තේ වැඩ බලන පොලිස්පතිවරයා. රටේ සිදුවන අපරාද මඩින්න පොලිසියට නොහැකි නම් පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි. රටේ සිදුවන අපරාධ නවත්වා ගැනීමෙ වැඩ බලන පොලිස්පතිවරයාට ශක්තියක් හැකියාවක් නැහැ. ඔහු දේශපාලඥයෙකුගේ භුමිකාව රගදක්වනවා.

හරක් කටාගෙන් අල්ලස් ගත් අය එලියෙ..



නදුන් චින්තක නොහොත් හරක් කටාගෙන් අල්ලස් ඉල්ලු පිරිස පිළිබඳ ඉදිරියේදී විශාල අනාවරණයක් සිදුවනු ඇති බව අන්තර්ජාල නාලිකායක වැඩසටහනක් ඉදිරිපත් කරමින් මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා පවසයි.

ඉන් නම් කිහිපයක් මේ වන විටත් අධිකරණය හමුවේ සහ මාධ්‍ය ඔස්සේ අනාවරණය වී ඇති බවත් හෙතෙම කියයි.

මෙරට හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුල ඇමති පුත්‍රයෙකු, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සහ කලාකරුවන් අතර සිටින චරිතවත් කලාකරුවෙකු ඇතුළු පිරිසක් ඒ අතර සිටින බවට වෙනත් තොරතුරු මුලාශ්‍රයක් ඔස්සේ ද තොරතුරු ලැබී ඇති බවද ඔහු මෙහිදී හෙළිකරයි.

රාවණ රජුගේ දඬුමොණර 19ක් ගොඩගන්න රජය සූදානම්..



ඉන්දික ශ්‍රී අරවින්ද

රාවණා රජු ස්ථාන 25ක සඟවා ඇතැයි කියන ගුවන් යානා 19ක් ගොඩ ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය සූදානම් වෙයි.

දැනට සොයාගෙන ඇති මෙම ස්ථාන 25 සම්බන්ධයෙන් තොරතුරු රැසක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය විසින් තහවුරු කරගෙන ඇති අතර මෙම ගුවන් යානා රාවණා රජු විසින් නිෂ්පාදනය කරන ලද ඒවා බවත් එම යානා රසදිය සහ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදාගෙන ගුවන් ගතකර ඇති බවත් සිදු කරනු ලැබූ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි එම අංශය කියයි.

ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..



ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් රජය විසින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වරට විදේශීය ආයෝජකයන්ට දැඩි කොන්දේසි යටතේ නීත්‍යානුකූලව කංසා වගා කිරීමට අවසර ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් අධීක්ෂණය කෙරෙන අතර, එහි මූලික අරමුණ වන්නේ කංසා ඇසුරෙන් ඖෂධ නිෂ්පාදනය හා පර්යේෂණ කටයුතු සඳහා පමණක් යොදාගන්නා නිෂ්පාදන අපනයනය කිරීම තුළින් රටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගැනීමයි.

© all rights reserved
Designed by LCN Media