දරුවන්ට ගේන්නේ ඉතාම හොද නීතියක්.. පරාජිතයන්ගේ බොරුවලට අහුවෙන්න එපා…



දරුවන් සම්බන්ධයෙන් ගෙන එන නව නීති හරහා විදුහල්පතිවරුන් ගුරුවරුන් අගතියට පත්වන්නේ යැයි එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ අධ්‍යාපන ක්‍රියාවලියට නූතනත්වයක් ලබාදීමටත් ශික්‍ෂණය සහිත ශිෂ්‍ය ප්‍රජාවක් මෙන්ම වෘත්තීමය භාවය සහිත ගුරු විදුහල්පති සේවයක් නිර්මාණය කිරීමත් වර්තමාන රජයේ අරමුණ බවයි.

සුබ ආරංචියක් තව ටිකකින්.. ඉන්ධන මිල සංශෝධනය අදයි..



මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ.

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදුවෙයි.

LGBTQ+ ලිපියේ අරමුණ අප සමානාත්මතාව පිලිගන්නා බවයි..



ශ‍්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් සම්බන්ධයෙන් සමාජය තුළ ඇති වී තිබෙන අර්ථකථනය පිළිබඳව එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා විසින් නිල ප්‍රකාශයක් සිදුකර ඇත.

සභාපතිවරයා පැහැදිලි කළේ, අදාළ ලිපියේ මූලික අදහස වූයේ LGBTQ+ ප්‍රජාව සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම බවයි. කෙසේ වෙතත්, මෙම ලිපිය මඟින් LGBTQ+ ප්‍රවර්ධනයක් සිදුකරන බවට වැරදි අවබෝධයක් සමාජගත වී ඇති අතර, එය භාෂා අවබෝධයේ දෝෂයක් නිසා සිදුවූවක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

ලොව බිහිසුණුම මත්ද‍්‍රව්‍යයක් මාතරින් හමුවේ.. ලංකාවේ මුල් වරටයි…



ඉතාමත් දරුණු ගණයේ මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ‘මෙපඩ්‍රෝන්’ (Mephedrone) නමැති මත්ද්‍රව්‍ය වැලිගම ප්‍රදේශයේ නවාතැන්පොළකදී සොයාගෙන ඇත.

මෙම සොයාගැනීම ශ්‍රී ලංකාවෙන් ‘මෙපඩ්‍රෝන්’ මත්ද්‍රව්‍ය සොයාගත් පළමු අවස්ථාව බවද වාර්තා වේ.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව, ‘මෙපඩ්‍රෝන්’ යනු ‘අයිස්’ ඇතුළු අනෙකුත් ප්‍රචලිත මත්ද්‍රව්‍යවලට වඩා දරුණු මත්ද්‍රව්‍යයකි.

සීනි බදු වංචාව පරදන අර්තාපල් බදු වංචාවක්….



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා කරන්නේ අර්තාපල් හා ලූනු සඳහා පනවා ඇති බදු හේතුවෙන් ගොවීන්ට කිසිදු සහනයක් හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ සීනි බදු වංචාවට සමාන වූ අර්තාපල් බදු වංචාවක් සිදුවී ඇත්දැයි රජයෙන් ප්‍රශ්න කරන බවයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ, දේශීය බී ලූනු වගාකරුවන් රැකගැනීමේ අරමුණින් බදු පැනවූවද, ඊට පෙරම විශාල වශයෙන් බී ලූනු තොග රටට ආනයනය කර ගබඩා කොට අවසන්ව තිබූ බවයි.

ඉන්ධන පිරවුම්හල් වහන්න යයි..



ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අවධාරණය කරන්නේ, දැනට තමන්ට ලැබෙන 1.75%ක ඉතා අඩු කොමිස් මුදල හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාම තවදුරටත් කළ නොහැකි බවයි.

පිරවුම්හල් නඩත්තු කිරීමේ සහ සේවක වැටුප් ගෙවීමේ වියදම් පියවා ගැනීමට මෙම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින්, ඉදිරියේදී තම ව්‍යාපාර වසා දැමීමට සිදුවනු ඇතැයි ඔවුහු අනතුරු අඟවති.

මා ජවිපෙ සාමාජිකයෙක් කී නන්දන ගැන පියවර



අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කරන ලද විමර්ශන කඩාකප්පල් කිරීමේ උත්සාහයක් පවතින බව කිරීමේ කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂ ජනරාල්, රංග දිසානායක මහතා චෝදනා කරයි.

හිටපු ජවිපෙ පෙරමුණු නායකයෙකු වන නන්දන ගුණතිලක මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් දිසානායක මහතා අයිලන්ඩ් පුවත්පත වෙත ඔහු මේ බව පවසා ඇත.

ශ‍්‍රී ලංකාව පලමුවරට නොබෙල් ත්‍යාගය දිනාගනී..



ජපානයේ පැවති තේ ප්‍රදර්ශනයකදී ලංකාවට නොබෙල් ත්‍යාගය හිමි වූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ලංකාවේ තේ කිලෝවක් ඩොලර් අටසිය ගණනකට ලංකාවේ රුපියල් වලින් නම් දෙලක්‍ෂ හැත්තෑ පන්දහසක වැනි මිලකට අලෙවි වූ බවද හෙතෙම කියා සිටී.

සීනිමෝදර කුඩු තොගය වෙනම පාරකට හැරේ.. උණාකූරුවේ ශාන්ත, කළු සාගර එලියට…



“උණාකූරුවේ ශාන්ත” යනු මෙරට පාතාලයේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාලයේ මහා කෙළිකාරයෙකි. පාතාලයේ ගෝර්ඩ් ෆාදර් ලෙස සිටි නාවල නිහාල් මෙන් තිරය පිටුපස සිට ගේම් ගැසීමට ප්‍රසිද්ධියක් ඉසිලූ උණාකූරුවේ ශාන්ත පසුගිය කාලයේ රටේ සිදු වූ මහා අපරාධ ගණනාවකටම සම්බන්ධ වූ මැරයෙකි.

එහෙත් බොහෝවිට මේ පාතාල මැරයාගේ නම කියැවුණේ නැත. ඒ මන්දයත් මොහු කිසිම ප්‍රසිද්ධියක් ලබා නොගෙන නිහඬව සිටිමින් තමාට අවශ්‍ය දේ කරගන්නට හැමවිටම කටයුතු කිරීම නිසාය.

රජයේ ලොක්කකේ ජපන් ආයෝජකට පෝයදා එලියෙදි සාකච්චා කරමු කියයි..



ශ්‍රී ලංකාවේ ආයෝජනයකට පැමිණි ජපානයේ ආයෝජකයන් පිරිසකට ඉහළ පෙළේ නිලධාරියකු සාකච්ඡාවකට අවස්ථාවේදී ඉන් මගහැර යෑම හේතුවෙන් එම ආයෝජකයන් පිරිස කලකිරීමට පත්ව ආපසු හැරී ගොස් ඇතැයි වාර්තාවේ.

රුසියාව තෙල් සැපයුම සීමා කරයි.. ලෝක තෙල් මිල ඉහලට…



රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ඉන්ධන අපනයනය සීමා වීමත් සමඟ සිකුරාදා ඛනිජ තෙල් මිල ඉහළ ගියේය.

Again Capital හි හවුල්කරු ජෝන් කිල්ඩෆ් ට අනුව, “වෙළඳපොළ අඛණ්ඩව රුසියාව සහ යුක්‍රේනය අතර පවතින තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර ඇත. යුක්‍රේනය විසින් එල්ල කරන මෙම ඩ්‍රෝන් ප්‍රහාර බලපෑම් ඇති කිරීමට පටන් ගෙන ඇත.”

නාමල්ගේ ක‍්‍රිෂ් නඩුව අවුලක.. CID වාර්තා නෑ..



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා ගොනු කර ඇති ‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන්, සාධාරණ නඩු විභාගයක් සහතික කිරීම සඳහා විත්තිය ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් ලබා දීමට අපොහොසත් වීම පිළිබඳව අද දිනයේ අධිකරණයේදී අවධානය යොමු විය.

ක්‍රිෂ් සමාගමට අයත් රුපියල් මිලියන 70ක් සාවද්‍ය පරිහරණය කළ බවට නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අපරාධ නඩු කටයුතු ගොනු කර තිබේ. ඉන්දියානු දේපළ වෙළෙඳ සමාගමක් වන ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ලබා දුන් රුපියල් මිලියන 70ක මුදල සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනු කර ඇත.

වාහනවලට බදු ගහලා ලොකු ආදායමක් හොයාගත්තා..



මෙම 2025 මුළු වර්ෂය සඳහාම වාහන ආනයනයෙන් බදු ආදායම බලාපොරොත්තු වුණේ රුපියල් බිලියන 470ක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

ජනපතිගේ මෙවර UN ප‍්‍රකාශය රුවන්ඩා ජනපතිගේ 2019 ප‍්‍රකාශයක්..



ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී තිබේ.

අදාළ ප්‍රකාශය වන්නේ, “දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි” යන්නයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම අදහස, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මහතා විසින් මීට පෙර සිදු කරන ලද ප්‍රසිද්ධ කියමනක් බවයි. ජනාධිපති කගාමේ මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ 2019 වසරේදී, පැවති දූෂණ විරෝධී දේශනා සමුළුවකදී බවට තොරතුරු වාර්තා වේ.

සමාජ මාධ්‍ය පාලනය පියවර..



සමාජ මාධ්‍ය වේදිකාවල පළවන වෛරී කතා සහ ශ්‍රී ලංකාවේ වාර්ගික කලබල හා කෝලා ඇති කරන අන්තර්ගතයන් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය වේදිකාවල පළවන වෛරී කතා සම්බන්ධයෙන් 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ හයවෙනි වගන්තිය ප්‍රකාරව කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවේ වාර්ගික කලබල හා කෝලා ඇති කරන අන්තර්ගතයන් සම්බන්ධයෙන් ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 126 වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීම නියමිත බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

අශෝක් පතිරගේ ඇප මත මුදාහරී…



අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි නරාහේන්පිට ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

එම රෝහලේ නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වූ නඩු කටයුත්තක් සඳහා අධිකරණය පෙනී සිටීම පැහැර හැරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබින.

මිද්දෙනියට පැන්නූ කන්ටේනර් දෙක මුදාගන්න මුදල් ගෙවූ ලියකියවිලි හමුවේ..



පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභාපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා නවාතැන් ගෙන සිටි නිවසකින් අයිස් මත්ද්‍රව්‍ය නිපදවන බවට සැක කෙරෙන ද්‍රව්‍ය ප‍්‍රවාහන කළ බවට සැකපිට විමර්ශන ආරම්භ වූ අදාළ කන්ටේනර් දෙකට අයත් ලියකියවිලි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සොයාගෙන තිබේ.

නිල නොවන ජනාධිපතිට කට වහගන්නැයි පොහොට්ටුවෙන් දැනුම් දෙයි…



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතාට ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත සහ මතභේදයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහ ලේකම් සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද කර ඇත.

මහ බැංකු අධිපතිට බිලියන බාගයකට ආසන්න වත්කම්..



වත්කම් හා බැරකම් ප්‍රකාශ යනු මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන මාතෘකාවකි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති ආකාරයට ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ සාමාජිකයන්, තානාපතිවරුන් ඇතුළු උසස් නිල තල දරන පුද්ගලයන් මෙන් ම මහ බැංකු අධිපතිවරයා ද සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලබා දිය යුතු ය.

තංගල්ල සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගය ඉරිදා බෝට්ටුවෙන් මෙරටට ගෙනා ඒවා බව හෙලිවේ…



තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයගත් මත්ද්‍රව්‍ය තොගය යාත්‍රා දෙකකින් මුහුදු මාර්ගයෙන් 21 දා මෙරටට ගෙනැවිත් ඇති බව වාර්තා වෙයි.

එම මත්ද්‍රව්‍ය තොගය කුඩාවැල්ල මාවැල්ල වෙරළින් ගොඩබා ඇති බවද සඳහන්ය.

එතැන් සිට වෙරළ අසල තිබූ නිවසකට මත්ද්‍රව්‍ය තොගය ගෙන ගොස් පසුව එම තොගය ලොරි රථවලට පටවා සීනිමෝදර සහ ගොඩැල්ලවෙල ප්‍රදේශවලට අවස්ථා දෙකකදී ප්‍රවාහනය කර ඇති බව පොලීසිය පවසයි.

වාහනවල වීදුරුවේ බලපත‍්‍රය පමණයි.. අන් සියල්ල තහනම්…



රථවාහනවල වීදුරැව මත ප්‍රදර්ශනය කර ඇති තනතුරු සහ නාම පුවරු සම්බන්ධයෙන් වන රෙගුලාසි දැඩි ලෙස බලාත්මක කරන බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසයි.

ජනාධිපති ඝාතන උත්සාහයක්..



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව විශ්‍රාමික පොලිස් නිලධාරික වුණ ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ අජිත් ධර්මපාල මහතා පෙන්වා දෙයි.

චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම සැලසුම ක‍්‍රියාත්මක වෙමින් ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකය හෝ ආරක්ෂක අංශයක වෙස්ගැන්වූ ඝාතකයකු හරහා සිදු කිරීමට බවයි.

ආගමන විගමන පාලක ජනරාල්ට වසර දෙකක සිර දඬුවම් නියම කෙරේ…



ආගමන හා විකමන පාලක ජනරාල් හර්ශ ඉලුක්පිටියට වසර දෙකක සිර දඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද අතුරු තහනම් නියෝගයක් ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කර යැයි එලවූ චෝදනා වලට වරදකරු කරමිනි.

X-Press Pearl වන්දිය ගෙවන්න සිංගප්පූරු සමාගම බෑ කියයි…



ශ්‍රී ලංකාවේ සිදු වූ දරුණුතම පාරිසරික විනාශයට හේතු වූ MV X-Press Pearl නෞකාවට අදාළව, වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් ගෙවන ලෙසට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයට අනුව වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරන බව අදාළ සිංගප්පූරු නෞකා සමාගම වන X-Press Feeders අද AFP පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

මගේ වත්කම් ගැන ප‍්‍රශ්ණ කරන්න එපා කවිදු.. මං උත්තර දෙන්නෑ..



තමන් විසින් භාරදී ඇති තම වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න නොවිසුමන ලෙස දෙරණ 360 නාලිකාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍යවේදී කවිඳු කරුණාරත්න මහතාට දැනුම් දුන්නේය.

වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්තේ නම් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

කුඩු, ආයුද ගෙන්වූ දකුණේ දේශපාලඥයන් හෙලිවෙයි…



මත්ද්‍රව්‍ය ජාවාරම, සංවිධානාත්මක අපරාධ සහ දේශපාලන සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා අවධාරණය කරන පරිදි, වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුවේ ප්‍රමුඛතාව වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමයි.

මගේ ඩොලර් 153,499 වත්කම තාත්තාගෙන් ලැබුණු තෑග්ගක්...



තමන්ගේ ආදායම දියුණු කරගනිමින්, වත්කම් ගොඩනගා ගැනීමට හැකි වූ ආකාරය පිළිබඳ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අදහස් දක්වා තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, 2008 වසරේ රුපියල් 75,000 ක මුලික වැටුපකින් ආරම්භ කර, 2018 වසර වන විට රුපියල් ලක්ෂ 5 ඉක්මවූ වැටුපක් ලබා ගැනීමට තමන්ට හැකි වූ බවයි. සැලසුම්සහගතව සහ විධිමත් කළමනාකරණයකින් මුදල් ආයෝජනය කිරීම තුළින් විශාල වත්කම් ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාව ලැබුණු බව ද ඔහු සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රිප්ටො නීති විරෝදීයි… වැඩි වශයෙන් භාවිත කරන්නේ මුල්‍ය විශුද්ධිකරණයටයි..- මහ බැංකු අධිපති



ක්‍රිප්ටෝ මුදල් යනු කිසිදු රාජ්‍ය මූල්‍ය අධිකාරියක පාලනයකින් තොරව පෞද්ගලිකව නිර්මාණය කෙරෙන, අතථ්‍ය මුදල් වර්ගයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම ඩිජිටල් වත්කම් ක්‍රියාත්මක වන්නේ ගුප්තකේතන විද්‍යාව (Cryptography) සහ ව්‍යාප්ත ලෙජර් තාක්ෂණය (Distributed Ledger Technology) වැනි නවීන ක්‍රමවේද හරහාය. ඒවා සාමාන්‍යයෙන් භෞතික මුදල් මෙන් එදිනෙදා ගනුදෙනු සඳහා භාවිත කළ නොහැකි වුවත්, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන ගෙවීම් සඳහා යොදා ගත හැකිය.

හම්බන්තොට චීන තෙල් පිරිපහදුව අවුලක.. ඇමරිකා තෙල් ගැනීමෙන් තවත් උග‍්‍ර වේ…



හම්බන්තොට ඩොලර් බිලියන 3.7ක පිරිපහදුවක් ඉදිකිරීමට නියමිත චීන බලශක්ති දැවැන්තයා වන සිනොපෙක් වෙතින් පිරිපහදු කළ නිෂ්පාදන මිලදී ගැනීමට කිසිදු සහතික වූ බැඳීමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ‘ද සන්ඩේ මෝනිං’ පුවත්පතට පවසා ඇත්තේ, සිනොපෙක් සමාගමට සිය නිෂ්පාදනයෙන් 40%ක් දක්වා ප්‍රමාණයක් දේශීයව අලෙවි කිරීමට අවසර දීම රජය විසින් සලකා බලමින් සිටින බවයි. කෙසේ වෙතත්, මෙය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ වෙනත් වෙළෙඳපොළ සහභාගිවන්නන් සමඟ ඇති කරගත් විධිමත් ගිවිසුමක කොටසක් නොවන බවද ඔහු අවධාරණය කළේය. “මෙම විධිවිධානය සඳහා වන කොන්දේසි සහ රාමුව තවමත් සාකච්ඡා වෙමින් පවතිනවා. සහභාගීත්වය සම්මත ටෙන්ඩර් ක්‍රියාවලීන් මත පදනම් වන අතර, ගැනුම්කරුවන්ට මිලකරණය අනුව මිලදී ගැනීමට නිදහස තිබෙනවා,” යනුවෙන් ආචාර්ය නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේය.

අනුර ජනපති වී වසරයි.. ඉටු කල හා ඉටු නොකල පොරොන්දු මෙන්න…



ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක ඓතිහාසික ජයක් ලැබූ ජනාධිපතිවරණය පවත්වා අදට වසරක් ගත වී තිබේ.

2019 ජනාධිපතිවරණයේදී 3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් හිමි කර ගැනීමට සමත් වූ ඔහු ඉතිහාසයේ පළමු වරට දෙවන මනාපය ගණනය කළ එම ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා බවට පත්විය.

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් දීර්ඝතම ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කළේ, ඔහු ය.

එය “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ලෙස නම් කර තිබිණි.

ජනපති කාර්යාල වාහනවලට කෝටි 64ක්..



ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරීම සඳහා පමණක් ඉකුත් වර්ෂයේ දී (2024) රුපියල් හැටහතරකෝටි පනස්තුන් ලක්ෂ තිස්හයදහස් හත්සිය හැත්තෑහතරක මුදලක් (645,336,774) වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

ප‍්‍රභාකරන් අහිමිව ඊළාම් ජනතාව දුකින්.. විසදුම මා ගේනවා.



තමිල්නාඩුවේ දේශපාලන කටයුතු අතරේදී ජනප්‍රිය දමිල නළු විජේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

ඔහු තමිනාඩු හි නාගපට්ටිනම් නගරයේ පැවති මැතිවරණ රැළියකදී කියා සිටියේ, හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීමට සැලසුම් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන්, ශ්‍රී ලංකා දෙමළ ජනතාවට “මවක් හා සමාන” බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, “ලෝකයේ කොහේ හිටියත්, අපේ ඥාතීන් වන ඊලම් දෙමළ ජනතාව, මව් සෙනෙහස දැක්වූ නායකයකු අහිමි වීමෙන් දුක් විඳිනවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් කතා කිරීම අපේ යුතුකමක්” යනුවෙනි.

NDTV පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා දෙමළ ජනතාවගේ ප්‍රශ්නය, විශේෂයෙන්ම නාගපට්ටිනම් වැනි ධීවර ප්‍රජාව බහුලව සිටින ප්‍රදේශවල සංවේදී මාතෘකාවක් බව සැලකේ.

2008 දී ද විජේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් චෙන්නායි හි පැවති උපවාසයකට එක් විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා දෙමළ ජනතාවට සහය දැක්වීම සහ ඉන්දියාවේ තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දැක්වීම එකම දෙයක් නොවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ප්‍රභාකරන් අගය කිරීම හැරුණු කොට, ධීවර ජනතාවගේ ගැටලු විසඳීම තම පක්ෂයේ ප්‍රධාන අරමුණක් බව ද විජේ ප්‍රකාශ කළේය. එම්.කේ. ස්ටාලින්ගේ රජයට ද දෝෂාරෝපණයක් එල්ල කළ ඔහු, ධීවර ප්‍රශ්න විසඳීම සඳහා තම පක්ෂය දිගු ලිපි ලියන්නේ නැති බවත්, ඒ වෙනුවට විසඳුම් සොයන බවත් කියා සිටියේය.

ඔහු අවසාන වශයෙන් පැවසුවේ “ධීවරයන්ගේ ජීවිත වැදගත්. ඒත් ඊලම් දෙමළ ජනතාවගේ ජීවිතත් අපට ඒ වගේම වැදගත්” යනුවෙනි.

අයිස් මනම්පේරි පච විදියි…



අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයට භාරවී සිටින මනම්පේරි නමැති සැකකරු පොලිසිය නොමඟ යැවීම සඳහා විවිධ ප්‍රකාශයන් සිදු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

නාමල් රාජපක්‍ෂගේ ශුද්ද වත්කම මෙන්න..



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ ඇති තොරතුරු අනුව ඔහුගේ ණය හැර ශුද්ද වත්කම රුපියල් මිලියන 74කි.

ඉඩම්: ඉඩම් තුනක් වාර්තාවේ සඳහන් වේ. ඉන් එක් ඉඩමක් දෙමව්පියන්ගෙන් ලද උරුමයක් වන අතර, අනෙක් ඉඩම් දෙක මිලදී ගෙන ඇත. එක් ඉඩමක වටිනාකම රුපියල් ලක්ෂ 55ක් ලෙස සටහන් කර ඇත.

රන් භාණ්ඩ: සමස්ත රන් භාණ්ඩවල බර පවුන් 100කට වැඩිය. ඉන් පවුන් 31ක් සහ රන් කාසි 23ක් මන්ත්‍රීවරයා සතු වේ. මෙම රන් භාණ්ඩවල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 7.7කි.

සීවලී ගස්.. බහාලුම් 323 මුදා හැරියේ ඔහු බව කමිටු වාර්තාව කියයි…



වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ආන්දෝලනාත්මක රතු ලේබල් කන්ටේනර් නිදහස් කිරීමේ සිද්ධියේ දී එම කන්ටේනර් නිදහස් කිරීම අධීක්ෂණය සඳහා පත්කර තිබුණ නිලධාරියා බවත් එහිදී ඔහු එම අධීක්ෂණ කාර්‍යභාරයෙන් ඉවත්වී එම කන්ටේනර් නිදහස් කිරීමේ කාර්‍යභාරයට උරදී කටයුතු කර ඇති බවත් නීරීක්ෂණය වෙන බව, මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව සිය වාර්තාව මඟින් ප්‍රකාශ කරයි.

දුවගේ කොටහළු මගුලට ලැබුනු සල්ලි හේවගේ බැංකු පොතේ දාලා..



සිය බැංකු පොතේ ඇත්තේ පසුගිය ජනවාරියේ පැවති සිය කුඩා දියණියගේ උත්සව අවස්ථාවක ජනතාවගෙන් ලැබුණු මුදල් බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

“ජනවාරි පළවෙනිදා මගේ නවය වසරේ ඉගෙන ගන්න දුවගේ උත්සවයක් තිබුණා. එ් උත්සවයට ජනතාව දුන් මුදල් මම සටහන් කරලා තියෙනවා. ලක්ෂ ගාණක් හම්බ වෙලා තියෙන්නේ එහෙමයි. ඒ දරුවාගේ මුදල් ටික තමයි, මම බැංකුවේ දැම්මේ. ඒවා හම්බ වුණ ලියුම් කවර ටිකත් තවම මා ළඟ තියෙනවා.

වසන්තට තහනම් ව්‍යාපාර චෝදනා.. මුල්‍ය විශුද්ධිකරණයටත් පැටලේ…



අද දින නව ජනතා පෙරමුණ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක , සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා හා අවිස්සාවේල්ල තරුණ කටයුතු ලේකම් දර්ශණ හර්ෂනාත් මහතා හා බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට ලිපියක් බාර දෙන ලදී.

මම සල්ලිකාරයෙක්.. මට ආර්ථික ප්‍රශ්නයක් නෑ…



සිය ජීවිත කාලය තුළ කිසිදු අවස්ථාවක තමන්ට වත්කම් නැතැයි ප්‍රකාශ කොට නොමැති බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

දේශපාලනඥයන් සතු වත්කම් සහ අයථා ලෙස උපයාගත් මුදල් සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, පොදු නීතිය සියලු දෙනාටම එකසේ ක්‍රියාත්මක විය යුතු බවයි. මෙම ප්‍රකාශය, මෑතකදී නලින් හේවාගේ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස සිදු කරන ලදී.

සජිත් රනිල්ට දාර පොල්ලක් තියයි…



එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුම 20 වැනිදා බත්තරමුල්ලේ මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් කිහිපදෙනෙක්ම සහභාගී වීමට නියමිතයි.

හිටපු ජනාධිපතිලාගේ ආරක්‍ෂකයන් ලොකු අවුලක..



හිටපු ජනාධිපතිවරුන් කොළඹින් තමන්ට සුදුසු නිවෙස් සොයා ගැනීමට මේ දිනවල දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරුන්ට ඔවුනට ගැලපෙන නිවෙස් සොයා දීමට ඔවුන්ගේ ඥාතීහු සහ හිතවත්තුද කටයුතු කරමින් සිටිති.

එසේම හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් දුන් වාහනද අහිමිවීම හේතුවෙන් තමන්ගේ පාවිච්චියට වාහන සොයා ගැනීමටද සමහරුන්ට සිදුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇමති විජිත, නි. ඇමති වටගල, රාජිත, සුසිල්, මර්වින් එක සාදයක.. එක මේසයක..



අමාත්‍ය විජිත හේරත්, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඇතුළු පිරිසක් සමග හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේමජයන්ත, මර්වින් සිල්වා ඇතුළු පිරිසක් සාදයකට එක්ව සිටින පින්තූර කීපයක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

සබීතාට හා සැමියාට නඩු දමයි…



ඉෂාර රත්නකාර

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මුණ්ඩලය විසින් ප්‍රවීණ නිළි සබීතා පෙරේරා, ඇගේ සැමියාට සහ ඔවුන්ගේ ආයතනයකට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 02 ක් ඊයේ (17 වැනිදා) පවරන ලදී.

රාජ්‍ය ආයතන 33ක් වහනවා.. ඒවා වැඩක් වෙන්නෑ.. එහෙම ආයතන අවශ්‍ය නෑ..



ඉන්ධන ගෑස් නොමැතිව පෝලිම්වල ජනතාවට මිය යාමට සිදු වූ ආකාරයේ අර්බුදයක් නැවත ශ්‍රී ලංකාව තුළ ඇති වීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ඛනිජ තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ කටයුතු අද (17) ආරම්භ කරමිනි.

ICTA ප‍්‍රධානියා ධුරයෙන් නෙරපයි.. ආයතනය වසා දමයි..



මහේෂ් පෙරේරා මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතන ප්‍රධාන විධායක ධුරයෙන් නෙරපූ බවට තොරතුරු වාර්තා වේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා මෙම තීරණයට හේතු ලෙස දක්වා ඇත්තේ විගණන වාර්තාවකින් අනාවරණය වූ කරුණු කිහිපයක් බවය.

ශ‍්‍රී ලංකා විදේශ ගමන් බලපත‍්‍රය ලෝකයේ පසුබසී.. ඉරානය හා සමවෙයි…



2025 වසර සඳහා නිකුත් කෙරුණු නවතම හෙන්ලි ගුවන් ගමන් බලපත්‍ර දර්ශක වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය පූර්ව වීසා බලපත්‍රයක් රහිතව පිවිසිය හැකි ගමනාන්ත සංඛ්‍යාව අනුව, එහි ගෝලීය ශ්‍රේණිගත කිරීමේදී එක් ස්ථානයකින් පහතට පැමිණ තිබෙනවා.

මෙම වසරේදී ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ ස්ථාන 97 වන අතර, එය පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබූ 96 වැනි ස්ථානයට වඩා පසුබෑමක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාවට වීසා රහිතව ප්‍රවේශ විය හැකි ගමනාන්ත සංඛ්‍යාව 41ක් ලෙස මෙම දර්ශකයේ සඳහන් වන අතර, ඉරානය ද ශ්‍රී ලංකාව සමඟම 97 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ශ‍්‍රී ලංකාව අනිද්දා (19) චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරයි.. දැන් එය නාසා මධ්‍යස්ථානයේ..



ශ්‍රී ලංකාවේ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X DRAGONFLY, සැප්තැම්බර් මස 19 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15 ට කක්ෂගත කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වය ලබා දී ඇත.

මෙම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වන දින නාසා ආයතනයේ SPX33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත ගෙන යන ලදී. එහිදී, එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කිරීමට නියමිතය.

මම ආදායම් බදු ගෙවන්නෙක්.. TIN අංකයකුත් තියෙනවා.



වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඔහු සිය වත්කම් හා බැරකම් ප්‍රකාශනයේ සඳහන් කර ඇති ආකාරයට රුපියල් මිලියන 275 කට අධික වටිනාකමකින් යුත් වාණිජ ගොඩනැගිලි, වාහන සහ රන් සතුව ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම සමාජ මාධ්‍ය වලට ප්‍රතිචාර දක්වමින්, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ඔහුගේ සමහර වත්කම් පවුලෙන් උරුම වූ ඒවා බවත්, වසර 28කට අධික කාලයක් ව්‍යාපාර කටයුතුවල නිරත වූ බවත්ය.

දේශපාලන බලපෑම් දරන්න බෑ කියා සභාපති ඉල්ලා අස්වෙයි…



සාලිය කුමාර ගුණසේකර

ජාතික විද්‍යා පදනමේ සභාපතිවරයා ලෙසත්, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කළ මහාචාර්ය සමන් සේනවීර සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාට යොමුකර තිබේ.

අපේ වත්කම්වලට ඉරිසියා කරන්නේ ඇරියස්කාරයෝ.,.- චතුරංග



තමන් දේශපාලනයට පිවිසෙන විට අත්හළ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් බවත් තමන් දේශපාලනය කරන්නේ සියල්ලන්ටම හොඳින් ඉගෙනගෙන හොඳ ව්‍යවසායකයෙක් වී ඉහළ ආදායමක් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

අපේ වත්කම් අවුල් නං පොලිසි යන්න..- ලාල් කාන්ත



ජාතික ජන බලවේගයේද මැති ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් නීතිය සැමට එකලෙසම ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර සිටියි.

මාධ්‍යවේදියෙකු විසින් මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අමාත්‍ය ලාල් කාන්ත මහතා සඳහන් කළේ, වත්කම් සහ බැරකම් නීත්‍යානුකූලව භාර දෙන බවත්, ඒවායේ කිසියම් වැරදි තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතියට හැකියාව ඇති බවත්ය.

© all rights reserved
Designed by LCN Media