රට පුරා ඉන්ධන පිරවුම්හල්වලට පොලිසිය යොදවයි..



දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1300 කට අධික සංඛ්‍යාවක් සඳහා එක් පොලිස් නිලධාරියෙකු බැගින් අනුයුක්ත කිරීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

මෙම තීරණය ගනු ලැබ ඇත්තේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුවයි.

ලෝක ආර්ථික සමුළුවේ මා කල කතාව විකෘති කර ෆේස්බුක් දාලා..



ලෝක ආර්ථික සමුළුව අමතමින් තමන් සිදුකළ කතාව විකෘති කොට සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරමින් ඇති බවට කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරයි.

“මං දැක්කා සමාජ මාධ්‍යවල මං ලෝක ආර්ථික සමුළුවට ගිහින් ඉදිරිපත් කළ කතාව විකෘති කරලා ඒ ගොල්ලන්ට ගැළපෙන විදිහට ඉදිරිපත් කරනවා. මම එතනදි කීවෙත් ඒකයි.

ලංකාවේ රිසානා නෆීක්ගේ ශෝකාන්තය 'කූඩු කළ කිරිල්ලිය' නමින් සිනමාවට



සෞදි අරාබියේදී හිස ගසා මරා දැමුණු ශ්‍රී ලාංකික තරුණියක වූ රිසානා නෆීක්ගේ ශෝකාන්තය පදනම් වන්නේ ඇය අතින් රැකබලාගත් ළදරුවෙකු හදිසියේ මියයාමේ සිදුවීම මතය. මෙම ඛේදවාචකය ලොව පුරා දැඩි කතාබහකට ලක්වූ අතර, මානව හිමිකම් පිළිබඳව නැවත සිතා බැලීමට එය ලෝකයට බලපෑම් කළේය.

දහහත් හැවිරිදි වියේ පසු වූ රිසානාගේ කතා පුවත, 'රිසානා - කූඩු කළ කිරිල්ලිය' (RIZANA – A CAGED BIRD) නමින් සිනමා නිර්මාණයකට නගන්නේ සම්මානනීය අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසිනි. ස්ටීවන් ස්පිල්බර්ග්, ජෝර්ජ් ලූකස් සහ ඩේවිඩ් ලීන් වැනි හොලිවුඩ් දැවැන්තයන් සමග කටයුතු කර, ජාත්‍යන්තර සිනමා නිර්මාණ සියයකට අධික සංඛ්‍යාවකට දායක වූ චන්ද්‍රන් රත්නම්, 'අලිමංකඩ' සහ 'A Common Man' වැනි නිර්මාණ හරහා දේශීය සිනමාවටද සිය අනන්‍යතාව එක් කළ නිර්මාණකරුවෙකි.

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට



හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින් අදාළ ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදි එහි රියදුරු අසුන ආසන්නයේ ඇති ඩෑෂ් බෝඩ් එක යට තිබී C4 නැමැති මෙම අධිබලැති වෙඩි බෙහෙත් සහිත බෑගයක් සොයාගත් බවය.

ශිරන්ති අල්ලන්න එපා කියා ජනපතිට කියන්නැයි මහින්ද කීවේ නෑ..- මල්වතු නාහිමි



ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මල්වතු මහානායක හිමිගෙන් ඉල්ලීමක් කර ඇතැයි සමාජ මාධ්‍යයන්හි පල වන පුවත සාවද්‍ය සහ පදනම් විරහිත එකක් යයි මල්වතු මහා විහාරය පවසයි.

අද ජනපතිට බෝම්බ ගහනවා යයි ඔත්තුවක්.. අයෙක් අත්අඩංගුවට..



ගල්නෑව මහජන ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැත්වෙන උපසම්පදා මහෝත්සවයට සහභාගිවන ජනාධිපතිවරයාට අත් බෝම්බයකින් ප්‍රහාරයක් එල්ල කිරීමට තම බිරිය සුදානමින් සිටින බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට අසත්‍ය තොරතුරක් ලබා දුන් බවට චෝදනා ලබා සිටින පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (01 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කැකිරාව මහෙස්ත්‍රාත් උදාරි ගුණසේකර නියෝග කළාය.

විදුලි පනත ව්‍යවස්ථා විරෝධීයි.. ජනමත විචාරණයක් කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දන්වයි…



විදුලි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

Wold Economic Forum ඇමති හදුන්ගේ ඉංග‍්‍රිසි කතාවට විවේචන..



කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්න්නෙති මහතා ජාත්‍යන්තර සමුළුවකදී සිදු කරන ලද අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවේචනාත්මක අදහස් පළවෙමින් තිබේ.

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළි පත්වෙයි



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබේ.

එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්ව ඇත.

ඒ ඊයේ (28) පැවැති එම සංගමයේ වාර්ෂික නිලවරණයේදීය.

එහිදී ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔවුන් නැවතත් එම තනතුරුවලට පත්ව තිබේ.

ඇමති සමන්ත මේසන් බාස් වෙයි.. කම්කරුවෙක් වෙයි..



වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් ඉදි කෙරෙනු ලබන පූනාගල, කබරගල කොටසේ නායයෑමෙන් හානියට පත් වූ නිවාස සඳහා නව නිවාස ඉදිකිරිමේ ව්‍යාපෘතියේ 28 දින සිදුකෙරෙන ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වින.

රජයේ වතු බංගලාවක් මහ ඇමතිවරයෙක් බලෙන් අල්ලාගනී..



රජයට අයත් වැවිලි සමාගමකට බදු දී ඇති වත්තක නිල නිවසක් උතුරු පළාතේ හිටපු මහ ඇමතිවරයෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම සිද්ධියට අදාළව වාර්තා වන්නේ හැටන් වැවිලි සමාගමට බදු දී ඇති කැරොලිනා වත්තේ, බිනෝයා කොටසේ පිහිටි වතු ක්ෂේත්‍ර නිලධාරියෙකුගේ නිල නිවසක් මෙලෙස අත්පත් කරගෙන ඇති බවය.

පලාලි අධිඅරක්ෂිත කලාපයේ ප්‍රසිද්ධ කෝවිලක් 35 වසරකට පසු යලි විවෘතයි..



යාපනය පලාලි අධිඅරක්ෂිත කලාපයේ පිහිටා තිබූ ප්‍රසිද්ධ හින්දු කෝවිලක් වූ රාජ රාජේස්වරී අම්මාන් කෝවිලේ වන්දනාමාන කටයුතු කිරීම සඳහා අද (27) සිට බැතිමතුන් වෙනුවෙන් අවසර ලබාදීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

1990 වසරේ ජුලි මස සිට අදාල හින්දු කෝවිල ඇතුලු භූමි ප්‍රදේශයේ සිටි සාමාන්‍ය ජනතාව ඉවත් කොට අදාල ප්‍රදේශයන් පැවති ආරක්ෂක හේතුන් මත අධිආරක්ෂිත කලාපයන් වශයෙන් නම් කරනු ලැබීය.

බිලියන 113ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි…



ලබන 02 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

ඒ අනුව එහිදී රුපියල් මිලියන 113,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.

කේරළ නෞකාව නිසා මන්නාරම් වෙරළේ 'X-Press Pearl විනාසය' අංක දෙක



මන්නාරම් වෙරළ තීරයට තෙල් තට්ටු ගොඩගැසීමක් සම්බන්ධයෙන් සංරක්ෂණවේදීන් අනතුරු අඟවා තිබේ. පසුගියදා ඉන්දියාවේ කේරළ මුහුදු සීමාවේදී අනතුරට ලක්වූ නෞකා දෙකකින් මෙම තෙල් කාන්දුව සිදුවන්නට ඇති බවට සැක පළ කෙරේ.

කළු පැහැති මෙම තෙල් තට්ටු, කුඩා ප්ලාස්ටික් පබළු සමඟ මිශ්‍ර වී මන්නාරම් වෙරළ තීරයේ අඩි කිහිපයක පුළුල් ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බවට වාර්තා වේ. ප්‍රදේශයේ පක්ෂි නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ, මුල් අවස්ථාවේදී අවර්ණ, රවුම් හැඩැති ප්ලාස්ටික් පබළු පමණක් දක්නට ලැබුණ ද, මේ වන විට විවිධ වර්ගයේ ප්ලාස්ටික් පබළු ද වෙරළට ගසාගෙන එමින් පවතින බවයි.

චෝදනා එල්ල වන ලොක්කන් පහක් රටින් පලා යයි..



විවිධ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 18 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම විමර්ශන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ද විසින් සිදු කරයි.

ඇමසන් ලොක්කා බෙසෝස්ගේ තෙවැනි විවාහය දින තුනක් තිස්සේ වැනීසියේ



ලොව හතරවන පොහොසත්ම පුද්ගලයා වන ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස් සහ ලොරන් සැන්චෙස් සිකුරාදා දින වැනීසියේ කලපු දූපතක සුපිරි විවාහ උත්සවයක් පැවැත්වූහ. මෙම උත්සවය ප්‍රසිද්ධ සහ ධනවත් පුද්ගලයින් රැසක් සහභාගී වූ අතර, දින තුනක් තිස්සේ පවත්වන බව කියන මෙම උත්සවය ගැන ලෝක අවධානය යොමුව තිබේ.

සීගිරියේ අනවසර වෙලදුන් ඉවතට..



දෙස් විදෙස් සංචාරකයින්ගේ වෙසෙස් සම්භාවනාවට සහ අවධානයට ලක් වූ ලෝක උරුම සීගිරියේ සංවේදී කලාපය සංරක්ෂණය සහ සංවර්ධන කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුවී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ,මධ්‍යම සංස්කෘතික අරමුදල,ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකින් සැඳුම්ලත් අන්තර් ආයතනික කමිටුව මගින් සීගිරි උරුමය සුරැකීමේ නිර්දේශ ඇතුලත් වාර්තාවක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතා වෙත මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි කාර්යාලයේ දී භාරදෙනු ලැබිණි.

වැරදි විදිහට ගෙනා කන්ටේනර් 400ක් වරායේ.. නිදහස් කරන්නැයි ඉල්ලයි..



– කැළුම් බණ්ඩාර / ඩේලි මිරර්

රජය මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා දුන් අවසන් දිනය වූ ඉකුත් 10 වැනිදායින් පසු මෙරටට ගෙනා ලුණු බහාලුම් 400 ක් නිදහස් කිරීම රජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ආනයනයකරුවන් අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

වාහන ආනයන වියදම අඩු කරන්න ජනපති අලුත් සැලසුමක…



පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස, ඒ සඳහා පියවර ගෙන ඇති බවත්, එය ස්ථාවර තත්ත්වයක් ලෙස වර්ධනය කළ යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා එසේම, මෙරට සියලු අංශ නව තලයකට ඔසවා තැබීම සඳහා එයාකාරයෙන්ම කටයුතු කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.

පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් නජ්මුල් ඉල්ලා අස්වෙයි



සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට නජ්මුල් හොසේන් ෂැන්ටෝ තීරණය කර තිබේ.

බංග්ලාදේශ ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් පරාජයට පත්වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ටෙස්ට් නායකත්වය තවදුරටත් පවත්වා ගැනීමට තමන්ට අවශ්‍ය නොවන බවය.

ටෙස්ට් තරගාවලිය 1-0කින් ජයගනී - ප්‍රභාත් කඩුළු 5 යි



ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 78ක ජයක් ලබාගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණය සමඟ තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව සතු විය.

SSC ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ සිව්වන දින වූ අද (ජූනි 28) උදෑසන බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය. ඔවුන්ට කඩුලු 6ක් දැවී ලකුණු 115ක් ලබා තිබුණු අතර අවසානයේ සියලු කඩුලු දැවී ලකුණු 133ක් පමණක් රැස් කිරීමට සමත් විය.

දොස්තරලා පිටතින් ශල්‍ය ද‍්‍රව්‍ය ගේන්න කියන්න බයවෙයි.. ජාතික රෝහලේ බයිපාස් නවතින්න යයි…



කොළඹ ජාතික රෝහලේ සිදු කෙරෙන බයිපාස් හෘද සැත්කම්, අවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් නැවතීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ දිනකට බයිපාස් සැත්කම් 6 ත් 10 ත් අතර ප්‍රමාණයක් සිදු වන නමුත්, එක් රෝගියෙකුට සැත්කමක් සඳහා වසර 2 ක් පමණ පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදු වන බවය.

වසර ගණනාවක් තිස්සේ, බයිපාස් සැත්කම් සඳහා අවශ්‍ය සමහර ශල්‍ය ද්‍රව්‍ය රෝගීන් විසින් වෛද්‍ය නිර්දේශ මත රුපියල් 70,000 ක් පමණ වැය කරමින් පිටතින් මිල දී ගෙන ඇත.

කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සම්බන්ධ සිද්ධියෙන් පසුව, වෛද්‍යවරුන් පිටතින් ශල්‍ය ද්‍රව්‍ය ගෙන එන ලෙස නිර්දේශ කිරීමට පසුබට වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය හේතුවෙන්, ඉදිරියේදී රෝගීන්ට ජීවිත තර්ජනයක් විය හැකි තරම් ශල්‍ය ද්‍රව්‍ය හිඟයක් ඇති විය හැකි බවට අනතුරු අඟවයි.

මෙම ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සඳහා, විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ මහතා සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටින බව ද වාර්තා වේ.

ජපානය කොළඹ ඩොක්‍ යාර්ඩ් අතහැර යයි.. අයිතිය ඉන්දීය සමාගමකට…



කොළඹ ඩොක්යාර්ඩ් පීඑල්සී (CDPLC) හි බහුතර කොටස් අත්පත් කර ගැනීමට ඉන්දියාවේ පොදු අංශයේ සමාගමක් වන Mazagon Dock Shipbuilders (MDL) තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.

මෙය ප්‍රධාන උපායමාර්ගික පියවරක් ලෙස සැලකේ. සමාගම කොටස් හුවමාරු ගොනු කිරීමක් මඟින් ප්‍රකාශ කළේ, “කොළඹ ඩොක්යාර්ඩ් පීඑල්සී හි පාලන සහ සැලකිය යුතු කොටස් අත්පත් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 52.96 නොඉක්මවන ආයෝජනයක් අනුමත කර ඇති” බවයි.

Iron Dome උණ්ඩ අවසන් සීමාවේ.. ඊශ‍්‍රායලයෙන් උණ්ඩ විශාල ඇණැවුමක්..



ඉරානය සහ ඊශ්‍රායලය අතර මෑතකදී ඇති වූ ගැටුම හමුවේ ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂණ පද්ධතිවල උණ්ඩ තොග සැලකිය යුතු ලෙස ක්ෂය වී ඇති බව වාර්තා වේ. ඊශ්‍රායලයේ ආරක්ෂාවට අතිශයින් වැදගත් වන අයන් ඩෝම් (Iron Dome), ඇරෝ 1 (Arrow 1), ඇරෝ 2 (Arrow 2), සහ THAAD වැනි පද්ධති මෙලෙස උණ්ඩ හිඟයකට මුහුණ දී සිටී. මෙම තත්ත්වය, ගැටුම් කලාපයේ භූ-දේශපාලනික සමතුලිතතාවයට සහ ඊශ්‍රායලයේ ආරක්ෂක උපාය මාර්ගවලට සෘජුවම බලපාන බැවින්, දැඩි අවධානයට ලක්ව ඇත.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සොයන වැඩසටහන්වලට අමෙරිකානු අරමුදල් අත්හිටුවයි..



ධවල මන්දිරය මගින් ගෝලීය වශයෙන් යුද අපරාධ සහ වගවීම් පිළිබඳ කටයුතු කරන වැඩසටහන් 20කට ආසන්න සංඛ්‍යාවක් සඳහා වන එක්සත් ජනපද අරමුදල් අවසන් කිරීමට නිර්දේශ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මාලිමා මන්ත‍්‍රී පැදවූ රථයක් අධිබල විදුලි කණුවක හැපේ.. ඔහු රෝහලේ.. ප‍්‍රදේශ රැසක විදුලිය ඇණහිටී…



පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්ද බණ්ඩාර මහතා හෙම්මාතගමදී රිය අනතුරකට ලක්ව ඇත.

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඔහු මෙසේ රිය අනතුරට ලක්ව ඇත්තේ 26 රාත්‍රියේ හෙම්මාතගම නගරයේදීය.

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දේ..



දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර වරාය නීතිගත සංස්ථා සභාපති උපාලි ලියනගේ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව ද සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතියි.

ශිරන්තිගේ සහෝදරයා නිශාන්ත අත්අඩංගුවට…



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකන් එයාර් සහ මිහින් ලංකා ගුවන් සමාගම හිටපු සභාපතිවරයෙකුද වන නිශාන්ත වික්‍රමසිංහ මහතායි.

යුදෙවු ගුවන් බලය මඩින්න ඉරානයට චීනයෙන් J-10CE ප‍්‍රහාරක යානා..



ඉරානය සිය යල් පැන ගිය ගුවන් හමුදාව කඩිනමින් නවීකරණය කිරීම සඳහා චීන Chengdu J-10CE ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව වාර්තා වේ. මෙය මෑතකදී බීජිං හි පැවති ඉහළ මට්ටමේ ආරක්ෂක සාකච්ඡා වලින් පසුව සිදු වී ඇත.

සමලිංගික විවාහ පනත සම්මත කරනු..- UNHRC ලොක්කා ලංකාවට දන්වයි…



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අවසානයේ රජයෙන් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙසයි.

ඊයේ (ජුනි 26) පැවති මාධ්‍ය හමුවකදී, ඔහු අවධාරණය කළේ PTA යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කළ යුතු බවයි.

‘සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ..’ – විනිසුරු විවෘත අධිකරණයේ කියයි..



ග්‍රීක රජය ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බව දැනුවත්ව තිබියදීත් 2012 වසරේදී ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ලබන ඔක්තෝබර් 10 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා ඊයේ (26දා) නියෝග කළේය.

උතුරු කොරියාවෙන් න්‍යෂ්ටික අවි ඉරානය වෙත..



උතුරු කොරියාව විසින් ඉරානයට න්‍යෂ්ටික අවි ලබා දීමේ හැකියාවක් පවතින බවට බටහිර මාධ්‍ය වාර්තා කරන අතර, ඇමරිකාව ඉරානයේ භූගත බංකරවලට ප්‍රබල බෝම්බ මාලාවක් යෙදීම නිසා ඇති වී තිබෙන හානිවල ප‍්‍රබලත්වය සම්බන්ධයෙන්ද උතුරු කොරියාවේ අවධානය යොමු වී ඇති බව එම වාර්තාවල දැක්වේ.

තරහ වුණාම තමයි එයාගේ ඇත්තම තත්ත්වය පේන්නේ දියණියත් එක්ක තමයි මගේ ජීවිත ගමන



ජනප්‍රිය රංගන හා නිවේදන ශිල්පිනී හිමාලි සයුරංගි මෑතකදී රංගන සමග යූටියුබ් වැඩසටහනකට සහභාගී වූවාය. එහිදී ඇය තම පෞද්ගලික ජීවිතය, වෘත්තීය ගමන්මග, මව් චරිතය සහ කලා ක්ෂේත්‍රය පිළිබඳව අදහස් පළ කළාය. මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඇගේ ජීවිතයේ විවිධ පැතිකඩ පිළිබඳව විවෘතව කතා කළ අතර, කලා ක්ෂේත්‍රයේ සිය ගමන් මග පිළිබඳවද අත්දැකීම් බෙදා ගත්තාය.

මරණ දඬුවම නියම වූ හිටපු ඇමති බිරිදක් ජනාධිපති පොදු සමාවෙන් නිදහස් කරලා



හිටපු අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ බිරිඳ වන මරිය ජුලියට් මොනිකා ප්‍රනාන්දු මහත්මියට මරණීය දණ්ඩනය නියම වී තිබියදී ජනාධිපති සමාව යටත් නිදහස් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය.

‘ඉරානයට යලි පහර දෙනවා..’- ට‍්‍රම්ප්



තම න්‍යෂ්ටික පහසුකම් නැවත පණගැන්වීමට දරන ඕනෑම උත්සාහයකට එක්සත් ජනපදය විසින් තවත් හමුදා ප්‍රහාරයක් එල්ල කරනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කර ඇත.

හේග් හි පැවැත්වෙන නේටෝ සමුළුව අමතමින් ජනාධිපති ට්‍රම්ප්, ඊශ්‍රායල-ඉරාන ගැටුමෙන් පසු ඇති වූ නවතම සිදුවීම් පිළිබඳව අදහස් දැක්වීය.

සුළු සටන් විරාම උල්ලංඝනය කිරීම්වලින් පසුව, දෙපාර්ශවයම දැන් සටන් විරාමය පිළිපදින බව ඔහු තහවුරු කළේය. “මගේ ඉල්ලීම පරිදි ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ආපසු පැමිණියා. ඊශ්‍රායලය යුද්ධයෙන් පසුබැසීම ධනාත්මක ලකුණක්” ඔහු පැවසීය.

සටන් විරාමයෙන් බොරතෙල් මිල ලොකුවටම බහී..



ඊශ්‍රායලය හා ඉරානය අතර සටන් විරාමයකට එළඹීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ බැස තිබේ.

දෙරට අතුර යුධමය තත්ත්වය පැවති කාලයේදී WTI වර්ගයේ බොරතෙල් බැරලක මිල ඩොලර් 75 සීමාව ඉක්මවීය.

විදුලිබල පනත් සංශෝධනයට ලෝක බැංකුව, ADB, JICA දැඩි විරෝධය..



ශ්‍රී ලංකා රජය විදුලි පනතට සිදු කර ඇති සංශෝධන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රධාන ආධාරකරුවන් තිදෙනා ඔවුන්ගේ දැඩි ස්ථාවරය ප්‍රකාශ කරමින්, සුභපාලනය, තරඟකාරී ප්‍රසම්පාදනය, නියාමන ස්වාධීනත්වය සහ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා මෙම පියවර නැවත සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ශ්‍රී ලංකා කළමනාකරු ගෙවෝර්ග් සාර්ග්ස්යාන්, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරුනුමා යන මහත්වරුන් එක්ව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ලිපියක් යවමින් තම ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇති අතර, රජයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇත.

ඉරාන මහ බැංකුව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරයි..



ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස්, ඉරාන මහ බැංකුව සහ තවත් ආයතන කිහිපයක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරමින් නියෝගයකට අත්සන් තබා තිබේ.

ඊශ්‍රායල බුද්ධි සේවයේ ඉල්ලීම පරිදි, කට්ස් විසින් තවත් ඉරාන බැංකු දෙකක්, ඉරාන සන්නද්ධ හමුදාවන්ට අනුබද්ධ සමාගමක් සහ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු ත්‍රස්තවාදී සංවිධාන සහ ක්‍රියාකරුවන් ලෙස නම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කලේය.

හිටපු ලොක්කියකගෙන් ප‍්‍රශ්ණ කරයි.. ඇය වමාරයි..



ගැබ්බර කිරි ගවයන් 15,000ක් මිල දී ගැනීමට නෙදර්ලන්ත බැංකුවකින් ගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7ක මුදලක් ඔස්ට්‍රේලියානු සමාගමකට අත්තිකාරමක් ලෙස 2018 වසරේදී ගෙවා ඇතත් මෙතෙක් එම කිරි ගවයන් මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව එකල පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරිය වන ජාතික පොලිස් කොමිෂන් සභාවේ මේ වන විට සාමාජිකාවක ලෙස කටයුතු කරනු ලබන රේණුකා ඒකනායක මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) සහ පෙරේදා (23) දිනවලදී දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

පොලිස් ලොක්කෙක් එළවළු වගාවක.. පොලිස් පොඩ්ඩන්ට කරදර..



සීතල පළාතක පොලිස් ලොක්කෙකුගේ නිළ නිවස ආසන්නයේ පවත්වාගෙන යන එළවළු වගාවකට දිනපතා අවශ්‍ය කම්කරුවන් ලබා දෙන ලෙස පොලිස් සථානාධිපතිවරුන්ට බල කිරිම හමුවේ එම පොලිස් ලොක්කා භාරයේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් දැඩි ලෙස පිඩාවට පත් වී ඇත.

B2 ප‍්‍රහාරයෙන් ඉරාන බලාගාර විනාශ වී නෑ...



ඉරානයේ න්‍යෂ්ටික කඳවුරුවලට එල්ල කරන ලද ඇමරිකානු ප්‍රහාර මගින් එරට න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් විනාශ වී නැති බවත්බ, එය මාස කිහිපයකින් පමණක් ප්‍රමාද වූ බවත් පෙන්ටගනයේ මූලික බුද්ධි තක්සේරුවකින් හෙළි වී තිබෙන බව බීබීසී වාර්තා කරයි.

ආරක්ෂක බුද්ධි ඒජන්සිය විසින් සිදු කරන ලද මෙම තක්සේරුවට අනුව, ඉරානයේ යුරේනියම් තොගය බෝම්බ ප්‍රහාරවලින් විනාශ වී නොමැති බව සීබීඑස් (CBS) පුවත් සේවය වාර්තා කරයි.

තැන තැන තෙල් පෝලිම්..



ඊයේ රාත්‍රියේ ඉරානය විසින් මැද පෙරදිග ඇමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් පසු මෙරට තුළ ඉන්ධන පෝලිම් තැන තැන කිහිපයක් ඇතිවී තිබින.

ඒ ඉන්ධන හිඟයක් ඇති වේ යැයි බියක් ඇතිවීම් මතයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය සලකා බැලීමත් මීට බලපා ඇත.

සටන් විරාමයකට එකග වුනා.. ට‍්‍රම්ප් ආයාචනා කලා..



ඉරානය සටන් විරාමයක් සඳහා සූදානම් බව ඉරාන රාජ්‍ය රූපවාහිනය නිවේදනය කරයි.

කටාරයේ පිහිටි ඇමරිකානු කඳරකට එල් වූ සාර්ථක ප්‍රහාරයෙන් පසුව මේ සඳහා තීරණය කරන ලද එම නිවේදනය සඳහන් කළහ.

ඉරාකයේ ඇමරිකා බලාඩ් ගුවන් කඳවුරට ප‍්‍රහාරයක්…



ඉරාකයේ සලාහුදීන් පළාතේ, අගනුවර වන බැග්ඩෑඩයට කිලෝමීටර 100ක් පමණ උතුරින් පිහිටි බලාඩ් ගුවන් කඳවුරට ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම බැග්ඩෑඩයේ පිහිටි කුර්දිස්තාන්24 පුවත් සේවය උපුටා දක්වමින් අල් ජසීරා වාර්තා කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාක යුද්ධයේදී භාවිත කරන ලද බලාඩ් ගුවන් කඳවුර, රටේ විශාලතම ගුවන් කඳවුරු වලින් එකකි.

ඉරානයෙන් දැවැන්ත ප‍්‍රහාරයක්.. අෂ්දොද් බලාගාරය සුන්..



ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම (ජූනි 23) 11 වන දිනටත් උත්සන්න විය. ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර රැල්ලක් හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ නැවතත් අනතුරු ඇඟවීමේ සයිරන් හඬ ක්‍රියාත්මක විය. මෙම මිසයිල හුවමාරුව මධ්‍යයේ, ඉරාන මිසයිලයක් ඊශ්‍රායලයේ අෂ්දොද් නගරයට පතිත වන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

ගෝලීය තෙල් මිල ඉහළට - දේශීය තෙල් මිල ගැනත් තීරණයක්



පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබේ.

මන්ත්‍රී රියදුරන්ට සැප බංගලාවක්….



පාර්ලිමේන්තු රැස්වීම් දිනවල මන්ත්‍රීවරුන්ගේ රියදුරන්ට රැඳී සිටීම සඳහා ස්ථානයක් ලබා දීමේ අවශ්‍යතාව පිළිබඳ පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ දී සාකච්ඡා විය. ඒ අනුව ඉදිරියේ දී ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

හෝමුස් වහන්නෙපා ඇමරිකාව චීනය හරහා ඉරානයෙන් ඉල්ලයි..



ලොව බොරතෙල් සැපයුමේ ජීවනාලිය බඳු හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ අවදානම හේතුවෙන් ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යෑමේ බරපතල අනතුරක් මතුව තිබේ.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය අවහිර වුවහොත් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 120 ත් 150 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බවයි.

තමන්ට හැකියාවක් තියනවා නම් සර්ජරි කරලා හැඩේ වෙනස් කරගත්තට වරදක් නැහැ



රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංග රූපලාවන්‍ය සැත්කම් ගැන සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ. ඇය ඒ ගැන මෙසේ කියයි

පොල් වගා කරුවන්ට සහන මිලට පොල් පොහොර..



වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති හලාවත වැවිලි සමාගමෙන් සහ පොල් වගා කිරිමේ මණ්ඩලයෙන් වැඩසටහන් කිහිපයක් හලාවත වැවිලි සමගමේ පලුගස්වැව වත්තේ දි සිදු කරන ලදි.

පොල් වගා කිරිමේ මණ්ඩලය මගින් සහන මිලට පොල් පොහොර ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමිව පොල් වගා කරුවන් 146 දෙනෙක් සඳහා පොල් පොහොර මෙට්‍රික් ටොන් 30 ක් බෙදා දීම හා කප්රුක ණය වැඩසටහන යටතේ පොලි සහන හිමි වන පිරිස සඳහා එම පොලි සහන ලිපි ලබා දීම සිදු කරන ලදි.
© all rights reserved
Designed by LCN Media