හිටපු ලොක්කන් 50ක අවසන් විමර්ශන ගොනු නීතිපතිට.. ලයිස්තුව මෙන්න..



මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ විමර්ශන අවසන් කළ ගොනු පනහකට ආසන්න ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත. එම විමර්ශනවලට අදාළ විත්තිකරුවන් සියයකට ආසන්න පිරිසක් සිටින බවත් ඒ අතර හිටපු කැබිනට් ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දේශපාලකයන්ගේ ඥාතීන් සහ ටෙන්ඩර් ඇතුළු විවිධ ගනුදෙනුවලට සම්බන්ධ වූ තවත් පිරිස් සිටින බව මූල්‍ය විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘සතිඅග අරුණ’ට පැවැසීය. හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අය ද ඇතුළුව ඇතැම් දේශපාලකයන් සමග ව්‍යාපාර කටයුතුවල නිරත වූ පිරිසක් සම්බන්ධයෙන් ද විමර්ශන අවසන් කර නීතිපති උපදෙස් පතා විමර්ශන ගොනු භාර දී ඇතැයි එම නිලධාරියා පැවැසීය.

බල්තසාර්ට සහාය දෙන ස්වාධීන කණ්ඩායමේ ගාලගෝට්ටි..



කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීම සම්බන්ධයෙන් ‘අංක 04’ ස්වාධීන කණ්ඩායම තුල මතභේදයත් අහම් ඇති වී තිබේ.

එම නගර සභාවට තරග කල ස්වාධීන කණ්ඩායම් අංක හතර අපේක්‍ෂකයන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ ඔවුන් ආණ්ඩුවට සහය දීමට තීන්දුව ගැනීම සම්බන්ධයෙන් තම කණ්ඩායම සමග කිසිදු සාකච්ඡාවක් නොකළ බවයි.

‘බඩු වල ගණන්වලට තමයි මතක් වෙන්නේ’ කියා ජනපතිගේ මූණට කිවුවේ නෑ..




රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඊයේ (30) දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කලක් තමා පදිංචිව සිටි, ගල්කිරියාගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවකට අදාළ වීඩියෝවක් මාධ්‍යවල වාර්තා කර තිබිණි.

ලෝකයේ ඉන්ධන මිල පහලට.. මෙරට සුභාරංචිය තව ටිකකින්..

 


මාසික ඉන්ධන මිල සංශෝධනය අද දිනට යෙදී තිබේ.  ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම අවසන් දින මෙම මිල සංශෝධනය සිදුවෙයි.

ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පිරිවැය නිරූපිල මිල තීරණය වීමේ මූලධර්මය මතයි.

යෝෂිතට ඩේසි ආච්චිට එරෙහි නඩුව ජුලි 11 දා කැඳවයි



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජුලි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

වසර 09කට පසු රෝයල් චැලේන්ජ් බැංගලෝර් අවසන් සටනට එයි



සුයාෂ් ශර්මාගේ සහ ජොස් හේසල්වුඩ්ගේ සුපිරි පන්දු යැවීමත්, ජන්ජාබ් කිංග්ස් පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණයත් හේතුවෙන් වසර 9කට පසු අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබිණි. ඒ මෙවර අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමිනි.

සිරකරු මහින්දානන්දට වාසියක්.. නලින්ට නෑ..



බරපතළ වැඩ සහිතව වසර විස්සක කාලයක් සිර දඬුවම් ලබා සිටින මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරවත් දිගටම හිමිවනු ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප පනත අනුව දඬුවම් විඳින මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවන බවට කිසිදු සඳහනක් නොමැත.

හිටපු ලොක්කියකටත් වැඩ වරදී… ප‍්‍රශ්ණ කරන්න CID කැදවයි



පැවති අමාත්‍යාංශයක හා පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.

පැවති රජයක් යටතේ කිරි හරකුන් මෙරටට ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක් අවභාවිතා කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

මෙම කාන්තාව පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක මෙන්ම රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකුගේ බිරිඳද වෙයි.

පැලවත්ත සීනි උග‍්‍ර මුල්‍ය අර්බුදයක.. පඩි ගෙවන්න කිලෝයකින් 84ක් පාඩුවට සීනි ටොන් 500ක් විකුණලා..



බුල්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුදය හේතු වෙන් සමාගමේ පාලන අධිකාරිය සමාගමේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්, පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බවත් එසේ අලෙවි කර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසූහතරක පමණ පාඩුවක් පිට බවත් සමාගමේ සේවකයෝ පවසති.

බංග්ලාදේශ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ විනිසුරුවරු නම් කෙරේ



ලබන ජුනි සහ ජූලි මාසවලට යෙදී ඇති බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා කටයුතු කරන තරග නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගනු ලැබීය.

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තෙවැදෑරුම් තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙවර සමස්ත තරගාවලියේ තරග තීරකවරයා වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධානම කාණ්ඩයේ තරග තීරකවරයකු වන ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා කටයුතු කරනු ඇත.

මහින්දානන්ද, නලින් ප‍්‍රනාන්දු, එස්.එම්. රංජිත් සමග එක වැඩ මුරේට සෙට් වේ..



බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු බන්ධනාගාර මුද්‍රණ අංශයේ සේවයේ යෙදවෙනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

බන්ධනාගාර අධිකාරියා විසින් එම වැඩ පැවරීම සිදු කිරීමට නියමිතව තිබේ.

ඔවුන් මේ වන විටත් සිර දඬුවම් විඳින සිරකරුවන්ට නිකුත් කරන ජම්පරය ලබා දී ඇති අතර පැදුරක් සහ කොට්ටයක්ද හිමිව ඇත.

සැප වාහන 12ක් ලක්‍ෂ 280යි.. රජයේ වාහන රහසිගත වෙන්දේසියක්..



උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානයේ කැදවුම්කරු, ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පවසන්නේ අදාල වෙන්දේසියේදී අති සුඛෝපභෝගී වාහන 12ක් රුපියල් මිලියන 28ක මුදලකට අලෙවි වී ඇති බවයි.

ණයට කුඩු ගසා මුදල් නොදුන් අයට දඬුවම් දෙන වධකාගාරයක්…




කලක් තිස්සේ පවත්වා ගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල් ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය සමත්ව තිබේ.

ඩුබායි සිට ගම්පහ දිස්ත්‍රික්කයට මත් කුඩු බෙදා හරින එම ජාවාරමේ ක්‍රියාකාරීන් කැලණිය ප්‍රදේශයේ තරුණ තරුණියන්ට මත්කුඩු ණයට ලබාදී ණය නොගෙවා සිටින තරුණයන් මෙම වධකාගාරයට ගෙනැවිත් කෲර ලෙස වධ හිංසා පමුණුවන බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.

කැනඩාවේ ‘කොටි’ ස්මාරකය ශ්‍රී ලංකාවට කළ ද්‍රෝහිකමක්



එල්.ටී.ටී.ඊ.ය එදා සිවිල් වැසියන් ඝාතනය කරද්දී කැනඩාව ගත්ත පියවරක් නැහැ – කලිලුර් රහ්මාන්

කැනඩාවේ පළාත් පාලන ආයතනයක් විසින් අපේ රට දෙකඩ කර ‘සීමා’ පෙන්වමින් කරන ලද නින්දිත බෙදුම්වාදි ක්‍රියාව මෙරට භෞමික අඛණ්ඩතාවට කරන ලද ද්‍රෝහි ක්‍රියාවක් බව දේශප්‍රේමි මුස්ලිම් පෙරමුණේ ක්‍රියාකාරික එක්සත් සාම සන්ධානයේ මහ ලේකම් කොළඹ හිටපු නාගරික මන්ත්‍රි කලිලුර් රහ්මාන් මහතා පැවසීය.

ගැරඬිඇල්ල අනතුරේ වරද ඩිපෝව සහ RDA බව හෙළිවේ



කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ දරුණු බස්රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ එම අනතුරට කතරගම ඩිපෝව සහ මාර්ග සංවර්ධන අධිකාරිය ද වගකිව යුතු බවයි.

මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෝටර් වාහන පරීක්ෂකවරුන් හය දෙනකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබූ අතර, ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාව දැන් නිකුත් කර ඇත.

ඇමරිකා අභියාචනාධිකරණය ට‍්‍රම්ප්ගේ බදු යලි සක‍්‍රීය කරයි..



ඇමරිකානු අභියාචනාධිකරණය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි බලාත්මක කිරීමට නියෝග කර ඇත. ඒ මෑන්හැටන් ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් තීරබදු සඳහා පැනවූ නියෝග අත්හිටුවමිනි.

තවත් හි. ඇමති 20ක් වැලිකඩ පෝලිමේ…



පැවති ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් විසි දෙනෙකුට පමණක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි. මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජයපාල මහතා පවසන්නේ විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් දී ඇති ඇතැම් විමර්ශන වසර 10ත් 15ත් අතර පැරණි ඒවා බවයි.

සෙවනගල වැහෙන කතා බොරු.. ගොඩ දාමින් ඉන්නේ..



සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසී යාමේ අවදානමක් ඇතැයි පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. එම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය සැසුම් ක්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියි.

‘පත්තර මල්ලි’ අද සිට නවතී



අතිශය ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වන නෙත් එෆ්.එම්. ගුවන්විදුලි සේවයේ “පත්තර මල්ලි” වැඩසටහන විකාශනය කිරීම අද (30දා) සිට නවතා දැමීමට තමන් තීරණය කළ බව ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදී නුවන් ලියනගේ මහතා සඳහන් කරයි.

වසර 27ක් අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම පුවත්පත් සිරස්තල වැඩසටහන තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන එන ලද දීර්ඝතම වැඩසටහන ලෙස සැලකේ.

පාස්පෝට් එක්දින සේවාව නවතී



යළි අයදුම්පත් භාරගැනීම 2දා

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පැය 24 එක්දින සේවාව අද (30දා) සිට ක්‍රියාත්මක නොවන බව නිවේදනය කර තිබේ. ජුනි 02 සිට එක්දින සේවයට අයදුම්පත් භාරගැනීම පෙ.ව. 7.00 සිට ප.ව. 2.00 දක්වා ක්‍රියාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

කොළඹ අවට දැඩි සුළං - ගස් කඩා වැටේ - දුම්රියද නවතී



බ්‍රහස්පතින්දා (29) රාත්‍රියේ සිට අධික සුළං තත්ත්වයක් හා ඒ සමග ඇතිවූ වර්ෂා තත්වය හේතුවෙන් කොළඹ, මොරටුව,නුගේගොඩ, මහරගම ඇතුළු ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම් වාර්තාවිය. අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කහිපයක විදුලිය විසන්දිවී ඇතැයිද ඊට ගස්කඩා වැටීම් බලපා ඇතැයි වාර්තා විය.

මහින්දානන්ද, නලින් ප‍්‍රනාන්දු නිරුවත් කරයි ඇදුම් ගෙදර එවා ජම්පර අන්දයි..



බන්ධනාගාර ගත කරන ඕනෑම වරදකරුවෙකු නියමිත සිර මැදිරියට ඇතුළු කිරීමට පෙර නිරුවත් කර සෝදිසි කිරීමකට ලක් කරයි.

ඒ සමගම ඔවුනට නියමිත අංකයක් සහිත ජම්පරයක් ලබා දී ඇද සිටි ඇදුම් ඇතුළු අනෙක් සියළු දේ පවුලේ අයට බාර දීම හෝ බන්ධනාගාරය බාරයේ තබා ගැනීම සිදු කරයි.

ගාලු කොටුවේ හමුදා කදවුර ඉවත් කිරීමට ආරක්‍ෂක ලේකම් නිර්දේශ කලැයි කීම බොරුවක්…



ගාල්ල කොටුවේ යුද හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා නිර්දේශ කර ඇති බවට පලවන වාර්තා නිවැරදි නැතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එවැනි එකඟතාවක් මේ වන තෙක් ආරක්‍ෂක ලේකම්වරයා පළකර නොමැති බවද ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

පුද්ගලික බලාගාරවලින් වැඩි මිලට විදුලිය ගන්න ගිවිසුම් ගහන්න යයි..



රජයට රුපියල් කෝටි 2,000ක පමණ විශාල පාඩුවක් සිදු කරමින් මෙගාවොට් 10 බැගින් වන සුළං විදුලි බලාගාර හයක් සඳහා පෞද්ගලික සමාගම් කිහිපයක් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බව, එම මණ්ඩල ආරංචි මාර්ග පවසයි. සුළං බලාගාරයක නිෂ්පාදනය කරන විදුලිය ඒකකයක් ලංකා විදුලිබල මණ්ඩලය මිලදීගතයුත්තේ රුපියල් 23 ක මිලකට බවට, විදුලිබල අමාත්‍යාංශයේ කමිටුව මගින් නිර්දේශ කර තිබියදී ඒකකයකට රුපියල් 29.80ක් ගෙවීමේ පදනම මත කඩි මුඩියේ මෙම ගිවිසුම් අත්සන් කිරීමේ සූදානමක් පවතින බව ද එම ආරංචි මාර්ග කියයි.

ඇමරිකාව ශිෂ්‍ය වීසා දීමට විදෙස් සිසුන්ගේ සමාජ මාධ්‍යයත් පරීක්‍ෂා කරයි



ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීම සඳහා පැමිණීමට බලාපොරොත්තු වන විදේශීය සිසුන්ගේ සමාජ මාධ්‍ය පරීක්ෂාවට ලක් කිරීමට ඇමරිකානු රජය තීරණය කර ඇත.

එලවළු මිල දැනෙන්නම නගී…



එලවළු මිල දැනෙන ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් පීඩාවට පත්ව ඇත.

මේ වන විට මුරුංගා කිලෝව රුපියල් 1000ත් 1200ත්, කැරට් කිලෝව රුපියල් 700ත් 800ත්, බෝංචි කිලෝව රුපියල් 480ත් 500ත්, වට්ටක්කා රුපියල් 250ත් 300ත්, ලික්ස් රුපියල් 380ත් 400ත්, කරවිල රුපියල් 560ත් 600ත්, මාළු මිරිස් රුපියල් 800ත් 900ත්, වැටකොළු රුපියල් 550ත් 600ත්, වම්බටු රුපියල් 560ත් 600ත්, තක්කාලි රුපියල් 1300ත් 1500ත්, අතර මිලකට අලෙවි වෙයි.

මධ්‍යම අධිවේගයේ කඩවත-මීරිගම කොන්ත‍්‍රාත්තුව අත්හිටුවයි..


මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත ෂරිගම -කොටස ඉදිකිරීමේ වත්මන් ව්‍යාපෘතිය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය සලකා බලමින් සිටින අතර ඒ සඳහා අදාළ ව්‍යාපෘති සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 40කට අධික වන්දියක් ගෙවීමට සිදුවන බව පැවැසෙයි. ඒ අනුව, නව කොන්දේසි යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ.


මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවතමිරිගම් කොටස සඳහා චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකාව අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 989 ක ණය ගිවිසුමක් අත්සන් කර ඇත. එය මෙම කොන්ත්‍රාත් මිලෙන් සියයට 85ක් ආවරණය වන බව ද පැවැසෙයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ (කඩවතමිරිගම කොටස) ව්‍යාපෘතියට පළමුවෙන් අත්සන් තැබීම සිදු වූයේ 2015 වසරේදීය.

අද වන විට ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය දෙගුණයකටත් වඩා වැඩි වී ඇත. ව්‍යාපෘතිය සඳහා පළමු ගිවිසුම 2015 දී ද, දෙවැන්න 2016 දී ද අත්සන් කරන ලද නමුත්, පසුගිය වසර දහයක කාලයේ පැවැති රජයට ව්‍යාපෘතිය සම්පූර්ණ කරගැනීමට නොහැකි විය.

ව්‍යාපෘතියේ වත්මන් තත්වය පිළිබඳව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ. නව ගිවිසුමක් ඇති කරගැනීමේ අරමුණින් පවතින ගිවිසුම අවසන් කරන්නේ නම්, අදාළ ව්‍යාපෘති සමාගමට වන්දි වශයෙන් ගෙවිය යුතු මුදල ගණනය කිරීමේ ක්‍රියාවලිය බලධාරින් මේ වන විට සිදු කරමින් සිටින බවය.

වර්තමාන ව්‍යාපෘතිය අවසන් කර, නව ව්‍යාපෘතියක් නැවත සාකච්ඡා කිරීම වත්මන් රජයට වඩා හොඳ විකල්පයක් යැයි කියන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී අපට ව්‍යාපෘති සමාගමට වන්දි ගෙවීමට සිදු වෙනවා.” යැයි මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී වන්දි ලෙස ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ඉක්මවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

“අප තවම අවසන් තීරණයක් ගෙන නැහැ. තීරණයක් ගැනීම සතියකින් හෝ දෙකකින් සිදු වේවි. මීරිගම -කඩවත අධිවෙහි මාර්ග කොටස අනිවාර්යයෙන්ම ඉදිකරනවා. ඇතැම් විට එය සිදුවනු ඇත්තේ නව ව්‍යාපෘතියක් ලෙසයි.” යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම කුරුණෑගල කොටස නිම කර ඇති අතර, එය දැනට භාවිතයට ගැනීම ද සිදු වෙයි. කුරුණෑගල -මහනුවර සමඟ සම්බන්ධ කරන අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.

මහින්දානන්දට වසර 20ක සිර දඬුවම්.. නලින් ප‍්‍රනාන්දුට වසර 25ක සිර දඬුවම්…



හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් සහ හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියම කර ඇත. ඒ 2015 ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි එල්ල වූ චෝදනා වලට වරදකරු කරමිනි.

එවකට ඇමතිවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේත් සතොස සභාපති ලෙස නලින් ප‍්‍රනාන්දුත් කටයුතු කලේය.

ඔවුනට ඊට අමතරව දඩ මුදල්ද නියම කර ඇත.






වෙඩිල්ල තව දුර යයි.. හල්ලොලුවගේ දුරකතනය CIDයට..



ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති තුසිත හල්ලොලුව මහතාගේ ජංගම දුරකථනය රහස් පොලිසියට භාර දෙන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබේ. ඒ ඔහුගේ මෝටර් රථයට පසුගි 17 වන දින නාරාහේන්පිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවයි.

ට‍්‍රම්ප් පැනවූ බදු අධිකරණයෙන් අත්හිටුවයි..



අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කර ඇති තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා ඇත. මෑන්හැටන්හි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති නමුත් ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවයි.

පද්මෙගේ පාතාලයේ රැවුල් ඉන්දික මරන්න ලක්ෂ 25ක ඕඩරයක්



කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයකු බව කියන ‘රැවුල් ඉන්දික’ නමැත්තා මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටීමට එද්දී වෙඩිතබා ඝාතනය කිරීමට රුපියල් විසිපන් ලක්‍ෂයක මුදල් කොන්ත්‍රාත්තුවක් ලබාගත් ‘කොමාන්ඩෝ අසිත’ නමැති පාතාල ප්‍රබලයකු ගම්පහ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මගින් පෙරේදා (27දා) අත්අඩංගුවට ගෙන ඇත.

රට පුරා තැපෑල වර්ජනයේ..



රට පුරා සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. වර්ජනයේ ඉල්ලීම් වන්නේ පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකි.

බද්දට පෙර ට‍්‍රම්ප් දුන්න දින 90න් බාගයටත් වඩා ඉවරයි..



අමෙරිකානු ජනාධිපතිවරයා විසින් නිවේදනය කරන ලද නව තීරු බදු අනුපාත ක්‍රියාත්මක කිරීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවන ලද්දේ පසුගිය අපේ‍්‍රල් 10 වැනිදායි. මේ දක්වා එම කාලයෙන් අඩකට වඩා කාලයක් ගතව ගොස් ඇත.

ප්‍රංශ ජනපතිට බිරිඳගෙන් කම්මුල් පහරක්



නිල සංචාරයක් සඳහා පෙරේදා (26 දා) වියට්නාමය වෙත පැමිණි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් හට ගුවන් යානයෙන් පිටතට පැමිණීමට පෙර සිය බිරිය වූ බි්‍රජට් මැක්රෝන් විසින් කම්මුල් පහරක් දී තල්ලු කර ඇති බව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අදාළ වීඩියෝවේ ප්‍රංශ ජනාධිපති මැක්රෝන්ට ඔහුගේ බිරිය වූ බි්‍රජට් මැක්රෝන් විසින් කම්මුල් පහරක් දී දෑතින් මුහුණ තල්ලු කරන ආකාරය දිස්වේ. එය ඔවුන් දෙදෙනා අතර හටගත් ගැටුමක් දුරදිග යෑමේ ප්‍රතිඵලයක් ලෙස සමාජ මාධ්‍ය හඳුන්වා දී ඇතත් තමා හා බිරිය අතර එහිදී සැබවින්ම සිදු වූයේ සෙල්ලමට කළ ක්‍රියාවක් බව ප්‍රංශ ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබේ.

ගාලු කොටුවේ හමුදා කදවුර ඉවත් කරනවා..



ගාලු කොටුවේ පිහිටි හමුදා කඳවුර වෙනත් ස්ථානයකට ගෙන යාමට නියමිතව ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම පියවර නිර්දේශ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව නලින් හේවගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවේය.

වෙසක් පෙරහැරේ පොලිස් රථයට සල්ලි ඉල්ලයි..



11 වෙනි වතාවට පැවැත්වෙන සම්බුද්ධත්ව ජයන්ති මහා පෙරහැර සඳහා මෙවර පොලිස් පෙර ගමන් රථය ලබා දීමට නිලධාරීන් දෙදෙනාට රු. 9000ක් ද වාහනය ගමන් කරන සෑම කිලෝ මීටරයක් සඳහා ම රු. 450ක් ගෙවිය යුතු බව රජය දැනුම් දී ඇතැයි අක්මීමන දයාරතන හිමි පවසයි. වෙසක් පොහොය වෙනුවෙන් සිදුකරන පිංකමක් සඳහා තමන් එලෙස මුුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ බවත් බුදු දහම සුරක්ෂිත කිරීම සඳහා ආණ්ඩුව ව්‍යවස්ථාවෙන්ම බැඳී සිටින බවත් එහිමියෝ පෙන්වා දෙති.

ජනපතිගේ සාම කතාවට ෆොන්සේකාගෙන් දැඩි ප‍්‍රහාරයක්..(video)



ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. හිරු රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ෆොන්සේකා මහතා මෙසේ පැවසුවේය.

‘කීර්ති නාමයට හානි කලා..’ ටීවර් අම්මා පොලිසියට එරෙහිව පොලිසි යයි..



පහ වසර ශිෂ්‍යත්ව පුද්ගලික උපකාරක පන්ති ගුරුවරියක් ලෙස කටයුතු කරන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නමැත්තිය විසින් කටාන පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව වැඩ බලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ගොනුකර තිබේ. එම පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ගේ කීර්ති නාමයට හානියක් වන අයුරින් හා අපහාසයට පත්වන ආකාරයෙන් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය කරන ලෙස එමගින් ඉල්ලා ඇත.

ලංකා බැංකු සේවකයින් විරෝධතා…(photos)



නුවරඑලිය ලංකා බැංකු ශාඛාවේ සේවකයින් (28) දින දහවල් නුවරඑලිය වටරවුම් මාර්ගයේ උද්ගෝෂණයක නිරත විය. ලංකා බැංකුවේ සේවක සංගමය විසින් මෙම උද්ගෝෂණය සංවිධානය කර තිබුණි.

මෙම උද්ගෝෂණායේදි අදහස් දැක්වූ බැංකු සේවක සංගමයේ සාමාජිකයින් කියා සිටියේ මාස 06 ක දිරි දීමනාවක් තමන්ට ලබා දීමට අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කර තිබියදිත් එම මුදල වත්මන් පාලකයින් ලබා නොදීම නිසා මෙම උද්ගෝෂණය සිදු කල බවයි.

ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 04ක් ලෝකඩ පදක්කම් 11ක්



ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ආසියානු බොක්සිං සම්මේලනය විසින් මෙහෙයවන ලද ආසියානු අවුරුදු 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියේ වැඩි ගෞරව දිනා ගැනීමට කසකස්ථානය සමත් වන අතර වාරයේ දී පදක්කම් 15 ක් දිනා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාවට හැකියාව ලැබීම කැපී පෙනුණි.

ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියේ දී රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් ලෙස දිනා ගත් පදක්කම් එකතුව 15 කි.

දුම්රිය රියැදුරන් 458ක් ඕනෑ වුණත් ඉන්නේ 220යි



දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය රියැදුරන් 458ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ දුම්රිය රියැදුරන් 220ක් බව ලෝකමෝටිව් දුම්රිය රියැදුරු සංගමයේ ලේකම් චන්දන ලාල් වියන්ගොඩ මහතා දිවයිනට ඊයේ (27දා) පැවසීය. එක් රියැදුරකු දිනක් නිවාඩු ගතහොත් දුම්රිය දෙකක් අවලංගු වන බව ද ඒ මහතා කියා සිටියේය.

පෙරේදා (26දා) දුම්රිය රැසක් ධාවනය කිරීමට නොහැකි වූයේ රියැදුරන් කිහිපදෙනකු ඉරිදා (25දා) නිවාඩු දැමීම නිසා බවත්, ඉරිදා දුම්රිය ධාවනය කර ගමනාන්තයේ සිට සඳුදා එම දුම්රිය නැවත ධාවනය කරවීමට රියැදුරන් නොමැතිවීම නිසා එම ගැටලුව ඇති වූ බවත් පැවසූ ඒ මහතා ඊයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයන් වූ බව ද කීය.

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හැදීමට උදවු කළැයි සහකාර ආගමන විගමන පාලක රිමාන්ඩ්



ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ කෙහෙල්බද්දර පද්මෙ හට ව්‍යාජ ගමන් බලපත්‍ර 3ක් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ලබන 29 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.

විදේශගතව සැඟවී සිටින පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර තුනක් සකස් කර දීමට ආධාර අනුබල දුන් බව කියන සහකාර ආගමන විගමන පාලකවරයකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

සමගියෙන් තනතුරු බෙදාගෙන පුංචි සභාවල බලය පිහිටුවන්න විපක්‍ෂය එක් වෙයි



එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ වෙත ද සභාපති, උප සභාපති ධුර ඇතුළු අනෙකුත් ප්‍රධාන තනතුරු බෙදෙන පරිදි විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුව ඊයේ (27දා) තීරණය කර ඇත.

පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ප්‍රථමවරට සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨයන්ගෙන් සමන්විත කළමනාකරණ කමිටුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ රැස්විණ. එහිදී සජබ ජ්‍යෙෂ්ඨයින් විසින් ඒකමතිකව ඉහත තීරණය ගනු ලැබූ බව ඊට සහභාගි වූ සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට පැවසීය.

පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරය හිමි සභාවල බලය පිහිටුවීමේදී විපක්ෂය නියෝජනය කෙරෙන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය ඇතුළු අනෙකුත් පක්ෂ සමග සමගියෙන් කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

ඉල්ලීම් 15කට විසඳුම් නොදුන්නාට හෙට සහ අනිද්දා තැපෑල වර්ජනයේ



තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක ඉල්ලීම් 15කට විසඳුම් ලබාගැනීම සඳහා බලධාරීන් සමග සාකච්ඡා කළත් එයට විසඳුමක් නොලැබීම නිසා හෙට සහ අනිද්දා (29 සහ 30) දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා දිවයිනට ඊයේ (27දා) පැවසීය.

හැප්පිලා බලමු.. ඇමතිගේ තර්ජනයට දුම්රිය රියදුරෝ එක මිටට…



තර්ජනාත්මක අන්දමින් වෘත්තිය සමිති පාලනය කිරීමට හෝ දෙපාර්තුමේන්තු පවත්වාගෙන යාමට උත්සාහ කරන්නේ නම් දෙවරක් සිතා එය සිදුකරන්නැයි ආණ්ඩුවට අනතුරු හඟවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි. එලෙස වෘත්තිය සමිති මෙල්ල කිරීම හෝ තර්ජනාත්මක ලෙස යටපත් කරගැනීම කිසිසේත්ම කළ නොහැකි බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.

මාලනී තම සැත්කමට ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලූ ලිපි මෙන්න..



මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මාලිනී ෆොන්සේකා ජනාධිපති අරමුදල ‘හොරකම් කළ හොරෙකු නොවේ’

තමන් ජනාධිපති අරමුදලේ මුදල් හොරකම්කළ අයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දී නම් කිරීම හා අවමන් කිරීම ගැන මලිනී ෆොන්සේකා මැතිනිය බලවත් සිත් තැවුලට පත්ව සිටියාය.

හල්ලොලුවගේ ලිපිගොනුව පැහැර ගැනීම තනිකරම නාටකයක්



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් රථයට වෙඩි තබා එහි තිබූ රහසිගත ලිපිගොනුවක් පැහැරගත් බව කියන සිද්ධිය තනිකරම නාටකයක් බව හෙළි වෙමින් පවතින බවත් ඊට සම්බන්ධ සියලුදෙනා ඉදිරි දින කීපය තුළ දී අත්අඩංගුවට ගන්නා බවත් විමර්ශන නිලධාරීහු පවසති.

ඇමැතිව සිටි වසර 2ට කෝටි 15ක වත්කම් උපයලා



කම්කරු හා මහජන සම්බන්ධීකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙක තුළදී එනම් 2010.03.31 වැනිදා හා 2012.03.31 වැනිදා කාලය අතරතුරදී සිය වැටුපෙන් හා ඉපැයීම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදලක් යොදවා අති සුඛෝපභෝගි වාහන, ඉඩකඩම් ඇතුළු දේපළ මිලදී ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (27දා) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

රිලවුන් ගම්මාන කිහිපයක බලය අල්ලති… බත්, වැංජන මුට්ටි පිටින් උස්සං යති..



අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයක් තුල පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ගම්වැසියන් දුෂ්කරථාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත් පේරගහාමුල, ගිනිගත්හේන, හගරාපිටිය, අඹගමුව, පේරගොල්ල, හැබ්බැකන්ද, හොරකඩ, වැනි ප්‍රදේශවල මෙකි රිලා උවදුර දැඩිව පවතින බව එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසති.

පාසල තුළ දරුවන් අපයෝජන ඉහල ගිහින්..- අගමැතිනි



පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබිය යුතු බවත් පාසල් තුල එවැන්නක් වාර්තා වූ වහාම විදුහල්පතිවරුන් විසින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් ඇය පැවසුවාය.
© all rights reserved
Designed by LCN Media